Sunday, August 26, 2012

කවුද මේ Computer Systems Administrator කෙනෙක් කියන්නෙ,,

2 comments

යාලුවනේ මේ කතාව IT වලට එන්න හිතාගෙන ඉන්න අයට වගේම IT වල ජොබ් එකක් ස්ටාර්ට් කරපු අයටත් ටිකක් වැදගත් වෙයි..මොක්ද අපෙ රටේ මේ ගැන සින්හලෙන් කතා කරන සහ දැනුම ලබාගන්න තියෙන අවස්තා විරල නිසයි,,එහෙමනම් අපි බලමු කවුද මේ Computer Systems Administrator කෙනෙක් කියන්නේ කියලා..

මේ තනතුර අපිට Computer system administrator, IT systems administrator, systems administrator, Systems and Network  Administrator හෝ sysadmin වගේ විවිද විදිහට අහන්න ලැබෙනවා..මොහු ගේ ප්‍රධාන වගකීම තමයි Computer System එක සහ Network එක Maintain  සහ Operate කිරීම.මේ අතර තුර Sysadmin කෙනෙකුගේ දවසේ රාජකාරීන් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්නත් පුලුවන්,මොකද විවිධ ආයතන වලComputer System එක විවිධ ආකාරයෙන් පවතින්න පුලුවන් නිසා..නමුත් පොදුවේ ගත්තම අපිට පහත සදහන් වෙන කාරනා Sysadmin කෙනෙක් අතින් සිදුවෙනවා කියල පෙන්වන්න පුලුවන්

  • Analyzing system logs and identifying potential issues with computer systems.
  • Introducing and integrating new technologies into existing data center environments.
  • Performing routine audits of systems and software.
  • Performing backups.
  • Applying operating system updates, patches, and configuration changes.
  • Installing and configuring new hardware and software.
  • Adding, removing, or updating user account information, resetting passwords, etc.
  • Answering technical queries and dealing with often frustrated users.
  • Responsibility for security.
  • Responsibility for documenting the configuration of the system.
  • Troubleshooting any reported problems.
  • System performance tuning.
  • Ensuring that the network infrastructure is up and running.

නමුත් ඔබ දැනගත යුතු කරුනක් තමයි ඉතා විශාල අයතන වල ඉහත සදහන් කල රාජකාරීන් sysadmins කිහිප දෙනෙකු අතර බෙදී යන්න පුලුවන්..මොකද System එක ලොකු උනොත්  තනිවම මේ සියල්ලම කරන එක ප්‍රයෝගික නැති නිසා..ඉහත සදහන් කල වැඩ වලට අමතරව බොහෝ විට Sysadmin කෙනෙකුට Technical support , Database administrator (DBA) , Network administrator/analyst/specialist , Application analyst , Security administrator විදිහටත් වැඩ කරන්න සිදුවෙනවා..ඒක පදනම් වෙන්නේ ඔහු වැඩ කරන ආයතනය අනුව තමයි.. 

ඔබත් කැමති නම් Systems Administrator කෙනෙක් වෙන්න මෙන්න මේ කියන ටික ඔබට වැදගත් වේවි,,වර්තමානයේ නම් Sysadmin කෙනෙක් වෙන්න IT සම්බන්ද උපාධියක් හෝ HND  එකක් තියෙන්න ඕන,මීට අමතරව ඔහුගේ පලපුරුද්ද ගැනත් ආයතනයක් විශෙෂයෙන් සොයා බලනවා,,මොකද මෙක ටිකක් බැරැරුම් කටයුත්තක් සහ අතිශය Practical ජොබ් එකක් නිසා..

මේ සියල්ල වගේම අද ඉතාමත් වැදගත් කාරනාවක් වෙලා තියෙනේ industry certifications කියන එකයි,,, ඒ කියන්නේ IT ෆීල්ඩ් එකේ විවිද Products supply කරන ආයතන වලින් ලබා දෙන ප්‍රවීනතා සහතික පත් සහ පුහුනුවීම්, මෙය අද ඉතාමත් ඉහල පිලිගැනීමකට ලක්වෙන කාරනයක් බවට පත්වෙලා හමාරයි,,,

මේ විදිහේ සහතිකපත් සහ පාඨමාල සදහා උදාහරන ලෙස

MCSA       (Microsoft Certified Systems Administrator )
MCSE       (Microsoft Certified Systems Engineer )
MCITP      (Microsoft Certified IT Professional )
Red Hat RHCE     (Red Hat Certified Engineer )
Novell CNA          (Certified Novell Administrator )
CNE                      (Certified Novell Engineer )
Cisco CCNA         (Cisco Certified Network Associate )
CompTIA's A+ or Network+

පෙන්වා දෙන්න පුලුවන්

ආයතනයක සියලුම Servers, Operating Systems, Softwares, Networks පිලිබඩ  වගකීම් හිම්වෙන මේ Systema Administrator ගැන ගොඩක් දේවල් ඔයාල දැනගන්න අති කියල මම හිතනවා..එහෙමනම් අයෙත් හමුවෙමු මේ වගෙම ලිපියකින්...


Read more ►

Saturday, August 25, 2012

මොකක්ද මේ CCNA ....?

2 comments

Computer Networking ගැන කතා කරන කොට ඉහලින්ම සදහන් වෙන Certification  එකක් තමයි CCNA කියන්නෙ.. Computer Network  කියන ෆීල්ඩ් එක තමන්ගෙ Career එක කරගන්න කැමැත්තෙන් ඉන්න අයට හැමෝම කියනවා එහෙනම් CCNA  කරන්න කියල..ඒත් ගොඩක් අයට CCNA කියන්නෙ මොකද්ද කියල idea එකක් එන්නේ Certification  එකට study කරන්න පටන් ගත්තට පස්සෙ තමයි..ඉතින් ඒක පටන් ගන්න ඉස්සෙල්ලම ඒ ගැන දැනගන්න ඕන අයට තමයි මෙ පොස්ට් එක,,

CCNA  කියන්නේ මේ Certification  එකේ short form එක,CCNA  කියන එකේ අදහස තමයි,,Cisco Certified Network Associate කියන එක,,

මේ Certification  එක issue කරන්නේ ලොකෙ Networking Devices  වලට ඉහලම නමක් දිනාගෙන තියෙන සහ ලෝකෙ ගොඩාක් network වල Back Bone වල තමනිගේ Devices  run වෙන Cisco Systems කියන ආයතනය,CCNA Certification  එක ඔබට තියෙනවා කියන එකෙනෙ තහවුරු වෙන්නේ ඔබට Medium  size  routed and switched network එකක් install, configure, operate, and troubleshoot සම්බන්දව ඉහල දැනුමක් තියෙනව කියන එකයි,,

මෙම Certification එක ලබා ගැනීමට ඔබ 640-802 දරණ් CISCO Exam එක පස්ස් වෙන්න ඕන,,එහෙමත් නැත්නම් ICDN 1 #640-822 සහ ICDN 2 #640-816 කියන Exam දෙක පාස් වෙන්න ඕන,,ICDN 1 පාස් උනහම ඔයාට  Cisco Certified Entry Networking Technician එක එයලා grant  කරනවා..Exams පාස් උන Candidates ලට CISCO එකෙන් Score Report එකක් ලබෙන්නට සලස්වනවා,,

මේ Exam එකේ පහත සදහන් දෙවල් තමයි අන්තර්ගත වෙන්නේ
  • LAN and WAN design (including the OSI model)
  • IP addressing
  • routers and routing protocols (including OSPF, EIGRP and RIP)
  • VLAN (virtual LAN) and WLAN (wireless LAN)
  • network security and management (including ACLs)


CCNA Valid වෙන්නෙ අවුරුදු 3 කට පමනයි අවුරුදු තුනෙන් පස්සෙ ඔයා Recertify වෙන්න ඕන..ඒක ඕන නම් Upgrade එකක් වෙන්නත් පුලුවන්..ඒ කියන්නෙ CCNA එකෙන් ඉහලට තියෙන Exam එකක් වෙනත් පුලුවන්..

CCNA වලට ඕන තරම් Classes තියෙනවා..එයින් එකකට සහභාගී වෙලා Exam ට face කරන්න ඔයාලටත් පුලුවන්...

තවත් විස්තර ඕන අය මෙතනින් අරගන්නකෝ..


Read more ►

Friday, August 17, 2012

Services නවත්තල Speed වෙමු

0 comments


අද මගේ පොස්ට් එක Windows 7 use කරන අයටයි..අපේ Windows 7 Computer එකේ අපිට නිතරම භාවිත කරන්න අවස්ය නොවන සහ බොහෝ විට භාවිතා නොකරන සමහර Services අපි Disable කලොත් ගොඩක් දැනෙන විදිහට Computer එකේ speed එක වැඩි වෙනවා...ඉතින් අද අපි කරන්න යන්නෙ එහෙම වැඩක්..මෙතැනින් ඔයාලට මම පෙන්නලා දෙන List එක හොදට බලලා තමන්ගෙ Usage එකට අනුව අනික් එවා Disable කරලා දාන්න,,,

කියන්න දෙයක් තියෙනවා..මතක තියාගන්න මේ Services Disable කරනවට වඩ්ඩ හොදයි Manual කියන තත්වෙන් තියන එක,,,එහෙම කලහම Windows වල්ට මේව අවස්ය උනොත් විතරක් එයා මේව Enable කරගන්නවා..

  1. Application Experience
  2. Computer Browser (නෙට්වොර්ක් එකකට cඔන්නෙcට් කරල නැත්නම්)
  3. Desktop Window Manager Session Manager ( aero effects උවමනා නැතිනම්)
  4. Diagnostic Policy Service
  5. Distributed Link Tracking Client
  6. IP Helper
  7. Offline Files
  8. Portable Device Enumerator Service
  9. Print Spooler (Printer එකක් පවිච්චි කරන්නේ නැත්නම්)
  10. Protected Storage
  11. Remote Registry
  12. Secondary Logon
  13. Security Center
  14. Server (නෙට්වොර්ක් එකකට cඔන්නෙcට් කරල නැත්නම්)
  15. Tablet PC Input Service
  16. TCP/IP NetBIOS Helper
  17. Themes
  18. Windows Error Reporting Service
  19. Windows Media Center Service Launcher
  20. Windows Search (Search එක use කරන්නෙ නැත්නම්)
  21. Windows Time (system time එක internet time  එකත් එක්ක synchronize වෙන්න ඕනෙ නැත්නම්)
එහෙමනම් කරල බලන්න,,
Read more ►

මේ දවස් වල ලෝකෙ ඉහලම ඉල්ලුම තියෙන Certifications

1 comments







අපිට එකෙක Companies එක්ක වැඩ කරන කොට..විවිද technologies use කරනකොට ගොඩාක් experience ලැබෙනවා..ඉතින් එහෙම හෙමින් හෙමින් ඉස්සරහට යන අපේ හමෝටම ටිකක් විතර වැදගත් වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ..

අපි දන්නවා ජොබ් එකකට යන්න කලින් හරි ජොබ් එකක් කරන ගමන් හරි අපේ ගොඩාක් යලුවෝ දිගටම ඉගෙන ගන්නව,,ගොඩක් අය කැමතියි අද කාලෙ ගොඩක් ම ඉල්ලුමක් තියෙන certifications ටිකක් හදාගන්න,,,ඉතින් එහෙම අයට මේ ලිපිය කිය්වුවම පොඩි අදහසක් ගන්න පුලුවන් වේවි,,

ලෝකෙ ඉහලම ඉල්ලුමක් තියෙන Certification එකක් තමයි CCIE (Cisco Certified Internetwork Expert) කියන්නෙ,,මෙතන මම සදහන් කරන්නෙ මේ දවස් වල situation එක අනුව ඔයාල සන්නද්ද වෙන්න ඕන certifications ටිකක් ගැනයි,,

MCITP (Microsoft Certified IT Professional) Enterprise Administrator

මේ සුදුසු කම ලබාගන්න එxඅම්ස් කිහිපයක්ම කරන්න ඕන,,MCITP (Server Administrator) තියෙන කෙනෙකුට වින්ඩොව්ස් සෙර්වෙර් 2008 Active Directory, configuring network and application infrastructures, enterprise environments ගැන හොද දැනුමක් තියෙන බවට ඉහල පිලිගැනීමක් තියෙනවා.පහලම මට්ටමේ අයතනයක සිට ඉහලම මට්ටමේ අයතනයක සෙවය සදහා අවස්ය සියලුම Microsoft Systems administration and networking දැනුම මේ තුලින් ලබෙනවා.

MCTS (Microsoft Certified Technology Specialist)
හමොටම MCITP වගේ certification එකක් ලබාගන්න exams ගොඩකට යන්න උවමනාව නැහැනෙ,,MCTS කියන්නෙ බොහෝ විට එක exam එකක් කලහම ලබගන්න පුලුවන් Microsoft Certification එකක්.Exchange, SharePoint, Virtualization, Windows Client, or Windows Server යන පැති වලින් MCTS certifications තියෙනව කියන්නේ ඔයාගෙ CV එක ගොඩක් ශක්තිමත් වෙන කාරනයක්.ඉහත ක්ශෙස්ත්‍ර වල එදිනෙදා අතිවෙන ඕනම ගටලුකාරී තත්වයකට මුහුන දෙන්න අවස්ය දැනුම ඔබට මේ Certifications වලින් ලැබෙනවා,,,

VCP (VMware Certified Professional)

මේක Virtualization ගන certification එකක්,,අපි දන්නව අද ගොඩක් අය Virtualization ගැන cloud Computing ගැන කතා කරන්වා,,ඉතින් මේ Certification තියෙන කෙනෙකුට හොද ඉල්ලුමක් තියෙනව අද වගේම අනාගතයෙදිත්..මොකද අද වෙනකොට ගොඩාක් companies තමන්ගෙ servers Virtual එකක run කරන්න ගොඩාක් කැමතියි මේකෙ තියෙන මහ ගොඩක් වාසි සහගත දෙවල් නිසා,,,VM Ware කියන Virtualization වල ඉන්න ලෝකෙ දැවැන්ත සමාගම තමයි මේ certification එක issue කරන්නේ,

CCNA (Cisco Certified Network Associate )
ලොකෙ තියෙන network backbone ගොඩාක් ම පාහේ Cisco Devices වලින් ආක්‍රමනය කරන කොට මේ cඑර්ටිෆිcඅටිඔන් එකේ වදගත් කම දවසින් දවස ඉහල යනවා,,,network OS’s fundamentals සහ networking ගැන ඉතා ඉහල දැනුමක් මේ හරහා ඔබට ලබා ගන්න පුලුවන්,,,


තව ටිකක් තියෙනවා..ඒ ටික පස්සෙ දන්නම්..මොකද ජොබ් එක කරන්නත් ඕනනේ මෙව අස්සේ.. යන්න යලුවනේ,,,
Read more ►

Thursday, August 9, 2012

Windows 7, 30 Days Trial එක දවස් 120කට නොමිලේ legally වැඩිකරගන්න

1 comments


අපේ ගොඩක් අය ආසයි Windows 7 Original ටික  දවසක් හරි use කරන්න,,,අපි හමෝම දන්න රහසක්  තමයි ඉන්දියාව අතුලු ගොඩක් ආසියාතික රටවල් වල ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Pirate Copies කියන එක,,එහෙමත් නත්ත්නම් Crack Copies කියන එක..

හැබැයි අපි මේ කියල දෙන්න යන්නෙ Pirate කරන විදිහවත් Crack කරන විදිහවත් නෙවෙයි..Legal විදිහට ඔයා ලග  තියෙන Windows Copy එක දවස් 120 වෙනකන් භවිතා කරන්න පුලුවන් ක්‍රමයක් ගැන..අපි හමොඅම දන්නව Windows 7 Trial  Version  එක දවස් 30 න් Expire වෙනව කියල.එහෙම උනහම  අපි ඒක License කරන්න ඔනෙ නැත්නම්  අයින් කරන්න ඔනෙ (ගොඩක් අය මෙක දන්නෙ නැත්තෙ Crack  use කරන නිසයි )

අපි අද කරන්න යන්නෙ මෙ දවස් 30න් අහොසි වෙන එක දවස් 120ක් දක්ව ප්‍රමාද කරන විදිහයි...මතක තියාගන්න මේක 100% Legal   නිසා  බය වෙන්න ඔනෙ නැහැ ,,

OK කරලම බලමු

මුලින්ම ඔයාගෙ Computer එකට Windows 7 Install  කරන්න,,මතක තියාගන්න Install  කරන කොට License Key එකක් දෙන්නෙ නැතිව  තමයි ඉන්ස්ටල්ල් කරන්න ඔනෙ

දැන් දවස් 30 සම්පුර්න වෙනකන් කිසිම ප්‍රශ්නයක් නතිව මේක ඔයා උසෙ කරන්න..හරියටම දවස් ගනන ඉවර උනහම (0 උනාම)

පහල තියෙන Commands වලින් ඔනෙම එකක් Command Prompt එකේදි Type කරල Enter කරන්න 

(Command Prompt එකට යන්න (Start > Run ගිහින් cmd කියල type  කරල enter කරන්න )


sysprep /generalize

slmgr.vbs –rearm

rundll32 slc.dll,SLReArmWindows

slmgr /rearm


දැන් Computer එක Restart කරන්න

දන් ඔයාට තව දවස් 30ක් දක්වා Windows 7 Legal විදිහට  use කරන්න පුලුවන්  

නැවතත් දින 30 අවසනයෙ ඉහත පරිදිම නවත Activate කරගන්න පුලුවන්..මේ විදිහට කරන්න පුලුවන් 3 න් වතාවක් විතරයි ඔන්න,,

මට මේකෙ පලවෙනි cඔම්මන්ඩ් දෙක වඩ කලේ නහ,,නමුත් 3න් වෙනි එක වඩ කලා,,ඔයාලට ඒක වෙනස් වෙන්න පුලුවන්..එකේක cඔපීස් වලට ඒක වෙනස් වෙනවා..උත්සහ කරල බලල කියන්න අපිටත්..



Read more ►

Windows 7 Speed කරගන්න

3 comments

Windows 7 නිර්මනය උනේම Users ලට Speed විදිහට වැඩ කරන්න පුලුවන් විදිහට..ඒක ඔයලට තෙරේවි Vista PC එකක වඩ කරල Seven  එකක වඩ කරන කොට.නමුත් අපිට තවමත් මේකෙ තියෙන Performance ගන සෑහීමකට පත්වෙන්න බැරි අවස්තා තියෙනව.මොකද තවමත් අපේ ගොඩාක් අය Windows 7  Install  කරල තියෙන්නෙ එයාලගෙ පරන PC එකටමයි.එහේම උනහමත් පොඩ්ඩක් Performance අඩු වෙනව.ඉතින් මම ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි විදිහට ඔයලගෙ Windows 7 PC එකෙ Speed එක වඩි කරගන්න පුලුවන් ක්‍රම ටිකක්.මේ ටික අනුගමනය කරන ඔබට අස් පනාපිටම බලාගන්න පුලුවන් ඔයාගෙ PC එකෙ Performance  වඩි වෙන විදිහ..

Windows 7 Install කරන්න අවම ලෙස පහත දෙවල් තියෙන්න ඕන

  • 1GHz processor (32- or 64-bit)
  • 1GB of main memory
  • 16GB of available disk space
  • Support for DX9 graphics with 128MB of memory (for the Aero interface)
  • A DVD – R/W Drive

 ඔයාගෙ PC එකෙ DX 9 graphics card එකක් නහ කියල බය වෙන්න එපා.මොකද අපී බලාපොරොත්තුව ඵෙර්ෆොර්මන්cඑ මිසක් ලස්සන නෙවේනේ.. හැබැයි ඔයාට Aero experience  එක ඔනෙ නම් අනිවාර්යෙන්ම powerful graphics card එකක් Use කරන්න වෙනව,,,

 එහෙමනම් අපි එකින් එක පටන් ගමු වැඩේ කරන්න


Search Indexing Feature එක Disable කරන්න

Computer Icone එකෙ ර්‍ Right Click  කරල Manage තොරන්න
එතකොට එන Computer Management වින්ඩොව් එකෙන් Services and Applications තූරන්න
Services Click  කරන්න
ඔයාට ගොඩක් Services දකින්න ලබේවි
Windows Search කියන එක හොයාගන්නWindows Search එකේ Right Click  කරල Properties යන්න
ඔයට Windows Search Properties Window එක Open වේවි
Startup type කියන තනින් Disabled කියන එක දෙන්න
දැන් Apply  කරල OK කරන්න

  

 

Aero Theme එක Disable කරන්න

ඩෙස්ක්ටොප් එකේ Right Click කරල Personalize තොඅරන්න
Window Color  Tab එකට යන්න
Enable Transparency කියන Check Box එක Uncheck කරන්න ඊට පස්සෙ Open classic appearance properties for more color options කියන එකට Click කරන්න 

දැන් එන Window එකෙන් Standard හරි Basic theme එකක් දීල Apply කරන්න

 

 

Useless Visual Effects Disable  කරන්න 

Computer Properties යන්න
වම් පැත්තෙ list  එකෙන් Advanced System Settings යන්න
Advanced ටැබ් එක Select කරන්න
Performance කියන එක යටතෙ තියෙන Settings වලින් Custom තොඅරන්න
ලිස්ට් එකේ තියෙන ඔක්කොම Un tick කරල අන්තිම 4 විතරක් ඉතුරු කරන්න
දන් Apply  කරල Log Off  වෙල Log On වෙන්න

 

 

User account control (UAC) Feature  එක Disable කරන්න (Advanced Users ලට විතරක් මේක මම Recomond  කරනවා)

Control Pannel එකේ User Accounts and Family Safety ” > User Account. ඔපෙන් කරන්න
User Account Control ලින්ක් එක cලිcක් කරන්න
එතන තියෙන Slieder එක Never Notify පැත්තට Drag කරන්න
Ok කරල PC එක ‍Reboot කරන්න 

 

 

 Ready Boost Service Feature එක Setup කරන්

මේකට ඔයලට High Speed Pendrive එකක් ඕන වෙනවා..
Pen Drive  එක PC එකට Plug කරන්න
Computer open කරල Pen Drive එකේ Right Click කරල Ready Boost ගිහින් Use This Device  කියන Check Box එක Tick  කරන්න
ඔයාට පුලුවන් කොඉතරම් ඉඩ ප්‍රමානයක් Pen Drive එකෙන් Use කරනවද කියල Configure කරන්න
මේකෙදි වෙන්නෙ Pen Drive එකෙන් කොටසක් Ram  එක විදිහට Use කරන එකයි,,
 

 

භවිතා නොකරන Windows 7 Features අයින්  කරන්න

Control pannel එකෙන් Programs and Features යන්න

වම් පස අති Papne ලිස්ට් එකෙන් Turn Windows features on or off

යන්න Click කරන්න

දන් ඔබ භවිතා නොකරන සියලුම Features ටික Uncheck කරන්න
පසුව PC එක Restart කරන්න

 

 

Side Bar (Gadgets) එක  Disable කරන්න

Side Bar එකේ Right Click  කරල Properties යන්න
Start sidebar when Windows Starts කියන Check Box එක Uncheck කරන්න
 

 

 

Thumbnail Preview Feature එක Disable කරලFile Browsing එක Speed කරගන්න

Computer Double Click  කරල Organize මෙනු එකෙන් Folder and Search options යන්න
Files and Folders’ section එකේ View Tab යන්න

එතන තියෙන "Always show icons, never thumbnails" Check Box එක Tick  කරන්න 

OK  කරන්න

 

 

Power Plan  එක Change කරන්න

Control panel එකේ Power Options යන්න

Show Additional Plans කියන Down arrow එකට Click කරන්න

ඔබට පෙනේවි High Performance Power plan එක
මේක Activate කරන්න

 

 

Aero Peek and Aero Snap features ටික Disable  කරන්න 

Control Panel  එකේ "Ease of Access Center" Icon එක Double Click කරන්න

පහල තියෙන Make it easier to focus on tasks එකට Click  කරන්න

Prevent windows from being automatically arranged when moved to the edge of the screen කියන Check Box එක Uncheck  කරන්න

ඊට පස්සෙ එතනින් අයින් වෙලා
Task Bar එකේ Properties යන්න

"Use Aero Peek to preview the desktop " කියන Option එක Untick කරන්න



දැනට මේ ටික කරල බලන්න ඔයලා..තව ටිකක් මම වෙනම පොස්ට් එකකින් දානනම්,,,හැබැයි මතක තියාඅ ගන්න මේ ටික මම දැම්මෙ PC එකේ Performance   හිතන අයට විතරයි,,මොකද ලස්සනයි Performance එකයි දෙකම එක පාර තියාගන්න අමාරුයි..


Read more ►

Wednesday, August 8, 2012

වීඩියො Buffer වෙන එක Speed කරගන්න

1 comments

ඔයාලත් Internet එකෙන් Video එකක් බලන කොට මේ වදේට මුහුන දෙනවද..? අපේ රටේ නම් ඉතින් ඒක අහන්නත් දෙයක්ද නේද,, You Tube  එකෙ මොකක් හරි එකක් බලන්න ගියහම වඩිපුර බලන්න තියෙන්නෙ කරකෙන Buffering Indicator එකනේ,,,

ඉතින් අපි බලන්න යන Video එකෙ තියෙන ආකර්ෂනය පවා මේක නිසා නතිවෙලා යනව..අපේ ගොඩක් අය මේකට  තාවකාලික විසදුමක් විදිහට  කරන්නෙ Video එක Pause කරල තියල සම්පුර්නයෙන්ම Load  උනට පස්සෙ Play කරල බලන එකනෙ,, ඒකෙන් අපෙ කාලය පුදුම විදිහට අපතේ යනව,,

විශේෂයෙන් අපේ Dongles  Use කරන අය සහ Dialup Connections Use  කරන  අයට ඉතින් මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ..

මේ කරදරෙන් ටිකක් හරි මිදෙන්න පුලුවන් ක්‍රමයක් තමඉ මේ කියල දෙන්න යන්නෙ,,,මේක ගොඩක් අය Use කරන ක්‍රමයක්,,නමුත් දන්නෙ නැති  අය්ට තමයි මේ උදවුව ..

අපිට පුලුවන් සමහර Softwares use කරල මේ Buffer වෙන එක ටිකක් Speed කරන්න

අද මම ඔයලට දෙන්න යන්නෙ එහෙම Software එකක් තම්යි,,මෙකෙ නම තමයි Speed Bit Video Accelerator

Speed Bit Video Accelerator 
එක Use කරන කොට Buffering speed එක 5 ගුනයකින් විතර වඩි වෙනව කියල තමයි මෙක හදල තියෙන අයනම් කියන්නෙ,,

අපිට Versions දෙකකින් මේක් ගන්න පුලුවන්,, එකක් Free Version  එක අනික තමඉ ඔබට මිලදී ගන්න පුලුවන් Version එක,, මගෙ අදහස නම් සාමන්ය කෙනෙකුට Free Version  එක හොදටම ඇති ..මොකද v ගන්න එකෙන් ඔයලට ඔනේනම් Full HD  විදිහට බලන්නත් පුලුවන්..

පහත සදහන් ඕනම OS එකක් එක්ක මේක හොදට හොදට වැඩ කරනව

Windows 7 / Vista (all) / XP / 2003 / Windows 2000

ඵහත ස්දන ඕනම Browser  එකක් එක්කටත් මේක් Support කරනව,,

Google Chrome, Internet Explorer 9 / 8 / 7 / 6, FireFox 3 / 2, Safari, Opera, Netscape, Maxthon, AOL, Flock
එහෙමනම් මෙන්න මෙතනින් Download කරගෙන ඔයලගෙ කරදරෙ අඩු කරගන්න..


Read more ►
 

Copyright © Network and Systems සිංහලෙන් Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger