Wednesday, September 19, 2012

Online File Storage එකක්

2 comments


අපි කලින් ලිපියෙදි කතා කලේ Cloud Computing ගැනනේ,,ඉතින් ඔය කියන Cloud Computing System එකෙන්ම තවත් වැඩක් කරගන්න විදිය තමයි මේ කියන්න යන්නේ,,අපිට ගොඩක් වෙලාවට වෙන වැඩක් තමයි අපි Computer එකේ තියගෙන ඉන්න ගොඩාක් වටින කියන Files Computer එකේ හරි Hard Disk එකේ හරි මොකක් හරි අවුලක් උන ගමන් අතුරුදහන් වෙන එක,,මේකෙදි සමහරවිට අපිට අතිශය වැදගත් Files සම්පූර්ණයෙන්ම උනත් අහිමි වෙන්න පුලුවන්..

ඉතින් එහෙම නොවෙන්න නම් අපි කරන්නෙ අපේ වටින Files Folders Backup කරල තියාගන්න එක,Backup කරන්න අපි කරන්නේ මේව Pen Drive එකකට හරි DVD එකකට Write කරල අරන් තියාගෙන ඉන්න එක,,නමුත් මේව ගැනත් ගොඩක් ලොකු විස්වාසයක් තියාගන්න අමාරුයි,,ඉතින් එහෙම වෙලාවට අපිට පුලුවන් Online Storage එකක් Use කරන්න,,

Online Storage නොමිලෙ ලබා දෙන Web sites ගොඩක් අපිට හමුවෙනවා,,මේ සූදානම එහෙම කිහිපයක් ඔබේ භාවිතාවට හදුන්වලා දෙන්න..අපි මෙහෙම Online Storage එකක Files Folders save කලහම තියෙන තවත් වාසියක් තමයි ඔබ යන ඕනම තැනකට මේ දෙවල් නැවත අරගන්න පුලුවන් කම තියෙන එක,,මෙහෙම හිතන්න ඔයා ගෙදර වැඩ කරල Online save කරන Document එක ඔයා Office එකට ගියහමත්  Download කරගෙන වඩ කරන්න පුලුවන්,,සමහර විට ඕනම Device එකකින් උනත් මේවට Access කරන්න පුලුවන්

Microsoft Sky Drive


මේක ගොඩක් පහසු Interface එකක් තියෙන Storage system එකක්,,ඉතාම ඉහල Upload පහසුකම් වලින් සමන්විත නිසා පහසුවෙන් Files Upload කරන්න පුලුවන්..සමන්ය Internet Connection එකකින් උනත් පහසුවෙන් Upload කරන්න පුලුවන් කම තියෙනව.Sky Drive Use කරන්න නම් ඔබට Account එකක් හදන්න වෙනව,,හැබැයි ඔබට Microsoft MSN වගෙ Mail Account එකක් තිය්නවන්ම් ඒක භවිතා කරලත් මේ පහසුකම ලබා ගන්න පුලුව..7 GB දක්වා Files and Folders ඔයාට Save කරල තියාගනන පුලුවන්,,

Sky Drive යන්න පහල Image එක Click කරන්න


-----------------------------------------------------------------------------------------

Sugar Sync

මේක ගොඩක් විශ්වාසදායි ක්‍රමයක්..ඒ වගේම ආකර්ශනීය Interface එකක් වගේම පහසුකම් සපයන ක්‍රමයක්..ඔයාට මුලින්ම ලැබෙන්නේ 5.5 GB Space එකක්,,නමුත් ඔයාට පුලුවන් ඔයාගේ යහලුවන්ට Sugar Sync හදුන්වා දීම තුලින් ඔයාගේ Space එක 32 GB දක්වා ඉහල දමා ගන්න,,මේකෙ තියෙන වාසිය තමයි ඔයාගෙ Computer එකේ තියෙන ඕනම Selected Foldr එකක් ඉන්ටෙර්නෙට් Connection එක තියෙන හැම වෙලාවකම Auto Synchronize වෙන්න හදන්න පුලුවන් කම..එහෙනම් ගිහිල්ලම බලන්නකෝ පහල Image  එකට Click කරල..

 

  ---------------------------------------------------------------------------------------

 Google Drive

Google කියන්නේ මේ ලොකේ ගොඩක් ම දෙනා හදුනන Company එකක්නෙ,,ඉතින් එයාලත් ඔන්න Online Storage එකක් දීල තියෙනවා,,මේක ටිකක් විතර විශේෂ වෙන්නේ පොඩි පොඩි පහසුකම් රශියක් ඔබට සපයා දෙන නිසයි,,මේ පහසුකම් පහත විදිහට පෙලගස්වන්න පුලුවන්


Word ,Presentations,Spread Sheets මෙය තුලම නිර්මානය කිරීමේ හැකියාව
ඒවා තැන් ඛිපයක සිට එකම මොහොතේ Edit කිරීමේ හැකියාව
යමෙකුට Email එකකට Attcah කරල Document යවන්නේ නතුව නිකන්ම Link එක විතරක් යවීමේ පහසුකම
Video,Photoshop,Illustrator වැනි File Types 30 කට අදික සන්ක්යාවක් ඔබගේ Browser එක තුලම Open  කර ගැනීමේ හැකියාව
ඔබට අවශ්ය ඕනෑම ආකාරයකට File Share කීඊමෙ හකියාව..

මේ වගේ ගොඩාක් දේවල් කරන්න පහල Image එකට Click කරල Google Drive වෙත  යන්න


මේ වගේ ගොඩක් Storages අපිට හොයාගන්න පුලුවන්,,ඔයාල දන්න සහ Use කරන Storages තියෙනවානම් Comment එකකින් මේකට ADD කරල යන්න අනික් හැමෝටම දැනගන්න..
Read more ►

Tuesday, September 11, 2012

ඔබට නොමිලේ cloud computing අත්දැකීමක්

2 comments


මුලු ලොකෙම තියෙන තාක්ෂනික කාරනා ඉතාමත් සීග්‍ර විදිහට වෙනස් වීගෙන යන මේ කාලෙ ගොඩක් උදවිය කතා බහ කරන කාරනාවක් තමයි මේ Cloud Computing කියන එක..පුද්ගලයෙකුගෙ හෝ ආයතනයක දිනපතා පරිගනක අවස්‍යතා සාමාන්‍ය සැබෑ ලෝකයේ සිට Virtual තත්වයකට ගෙන යාම තමයි මේ Cloud Computing වලින් කරන්නේ,,හැබැයි මෙහෙම කරන්නේ මෙක හුදෙක්ම අලුත් තාක්ෂනයක් නිසා නෙවෙයි,,මේ තුලින් ලැබෙන අසීමිත ප්‍රතිලාභ සහා සාපේක්ෂව Cost එක පවා අඩු කරගන්න පුලුවන් ක්‍රමයක් නිසයි.

ඉතින් එහෙම ලෝකෙක ඉන්න අපිට Cloud Computing පිලිබද පුන්චි හරි අත්දැකීමක් ලබා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි අද අපි මේ බලාගන්න යන්නේ,,ඇත්තටම කියනව නම් මෙක පුන්චි ක්‍රමයකුත් නෙවෙයි මොකද මම මෙ ඔබට අද හදුන්වල දෙනන් යන දෙවල් මම දන්න කියන කිහිප දෙනෙක් Industrial  සහ Personal මට්ටමින් සාර්තක්ව භාවිතා කරනවා...

මෙච්චර වෙල මොනවද මම මේ කියන්නෙ කියල කල්පනා කරනව ඇති,,,මෙන්න එහෙනම් කාරනේ,,Cloud Computing වල එක පැත්තක් තමයි Desktop Visualization කියන්නේ,,මේකෙදි වෙන්නේ,,ඔයා මොන Device එක ලෝකෙ කොතන සිට භවිතා කලත් ඒ ඕනම එකකින් ඔයාට ඔයාගෙ Desktop එකේ ඉදන් වැඩ කරන්න පුලුවන් වීම..ඇත්තටම ආස හිතෙන කාරනාවක් නේද,,.? ..ඒකෙදි වෙන්නෙ ඔයගෙ Desktop එක Central Location එකක store කරල තියල ඔයාට අවස්‍ය වෙලාවට ඔයාට අවස්‍ය Device එකට Load කරන එක තම්යි,,,

මේවා ඉතින් Industrial මට්ටමින් මහා පරිමාණ Online Resources උසෙ කරල තමයි කරන්නේ,,ඒ උනාට අද මම ඔයාලට දෙන්න යන්නේ අපේ එදිනෙදා පාවිච්චියට ගන්න පුලුවන් නොමිලේම වැඩ කරන්න පුලුවන් Online Desktop Visualization අත්දැකීමක්..කොටින්ම කිවොත් මේ කියන්නේ ඔයාට use කරන්න පුලුවන් Free Online Desktops කීපයක් පිලිබදයි,,

එහෙමනම් කතාව නවත්තලා වැඩේට බහිමු නේද,,? මම එකින් එක විස්තර කරන්නම් එහෙමනම් මෙන්න මේ විදිහට

GlideDigital

 සාමන්‍ය ඩෙස්ක්ටොප් එකක් හා සමනවම ඔබේ Files Save කරගන්න පුලුවන් Online ක්‍රමයක් තමයි මේ GlideDigital කියන්නේ,මෙහි store කරන Files ඉතා ආරක්ශා කාරී වන අතරම මෙය ඔබට ඔබගේ Online File Storage එකක් ලෙසත් භාවිත කල හැකිය,,ඔබට Online හමුවිය හැකි ඩෙස්ක්ටොප්ස් අතරින් ඉතාම ඉහල ගනයේ ඩෙස්ක්ටොප් එකක් සහ Operating System එකක් ලෙස මෙය හදුනවා දීමට හැකි වන්නේ හුදෙක් මෙහි පවතින Online File Storage ක්‍රමය නිසාම නොව එයටම ආවේනික ඔOnline Applications වල වැඩ කිරීමටඩ  ඔබට අවස්තාව ලබා දෙන නිසාවෙන්ය,,

GlideDigital වල පවතින Features

නොමිලේ ලබාදෙන ඉඩ ප්‍රමානය 30 GB පමන වීම
යන Browsers සදහා භවිතා කල හැකි Plugins වලින් යුක්ත වීම
Stock Market වැනි Latest News ලබාගැනීමේ හැකියාව
විවිධ Web Portal සදහා පහසුවෙන් පිවිසීමේ හැකීයාව,,

ඉහත සදහන් පහසුකම් සේම තවත් පහසුකම් සමගින් සියල්ල අත්විදගන්න මෙන්න මෙතනින් GlideDigital.com වෙත පිසෙන්න,,මතක තියාගන්න ඔබ මෙහි අccඔඋන්ට් එකක් cරේටෙ කල යුතු අතර එහිදී ෆ්‍රී අccඔඋන්ට් එකකට ලැබෙන පහසුකම් පිලිබද ඔබට ඉහල අත්දැකීමක් හිමි වනුඇත,,

ZimDesk

මෙය ටිකක් විතර විශේෂ Online Desktop එකක්,,ඔබට Storage පමනක් නොව විවිද Applications පව මෙහි අන්තර්ගත කොට ඇත,,Web Browsers ,Internet,Presentations, වගේ බොහෝ කාරනා ඔබට මේ මගින් සිදු කර ගත හැක,,,

මෙතනින් යන්න පුලුවන් zimdesk.com එකට,, 

එහෙමනම් Use කරල බලන්න...







Read more ►

Monday, September 10, 2012

ආයතනයේ Data Mangment වලට විශේෂ කරුණු

1 comments


මොනවද මේ Data කියන්නේ,,මේ ගැන ලොකුවට කතා කරන්න මේ කලෙ නම් එතරම්ම ඕන නැහැ..මොකද අද පුන්චිම ලමයගෙ ඉදන් වැඩිහිටිය වෙනකන් හමෝම වැඩ කරන්නේ මේ Data එක්ක නිසා,,අන්තර්ජාලය භාවිතා කරන ඕනම කෙනෙක් කුමක් හෝ යමක් Download කරනවා ඉතින් එහෙම Download කරන්නෙත් Data ම තමයි,,ඔබ  දන්නවා මේ Data තමයි අපේ වර්තමාන ලෝකේ ඉහලම වටිනා කම හිමි වෙන තොරතුරු (Infromations) බිහි කරන්නේ කියලා..

ඉතින් අද අපි මේ කතා බහ කරන්න යන්නේ මොන වගේ කාරනාවක්ද කියලා ඔබට මම ගොඩාක් පැහැදිලි කරන්න යන්නේ නැහැ,මේ ලිපිය ගොඩාක් ම වැදගත් වෙන්නේ ආයතනයක Network and Systems Administrators ,Engineers විඩිහට වැඩ කරන අයට සහ තමන්ගෙම ආයතනයක් පවත්වාගෙන යන කෙනෙකුට තමයි,,

ඕනම ආයතනයක පැවැත්ම රදා පවතින්නේ ඔවුන් විසින් එදිනෙදා එක් රැස් කරන ''සහ තොරතුරු මතයි,,මේ දත්ත සමූහ පිලිබද සම්පුර්න වගකීම තියෙන්නෙ අනිවාර්යෙන්ම ආයතනයේ IT Department එකට,,එහෙමත් නැත්නම් Systems Administrator ට නැත්නම් Database Administrator කෙනෙකුට,,

අපි මෙහෙම බලමු,,හිතන්න ඔබේ ආයතනයේ යම් කිසි විකුනුම් දත්ත ප්‍රමනයකට හානියක් උනොත් නැවත  සපයා ගත නොහැකි ලෙස..මොකද වෙන්නේ,,මෙක බලපානවා ආයතනයේ ආදායම් වියදම් ගනනයට,,ඉලක්ක නිර්මානයට,,සම්පත් පරිපාලනයට,,යෙදවුම් පරිපාලනයට,,වැටුප් ගනනයට,,වගේ ගොඩක් ඒකක වලට,,

මෙම හානිය නිසා අයතනයට තමන්ගේ වටිනාම සම්පත වෙන Customers ලා අහිමි වෙන්න පුලුවන්,,ඉතා වැදගත් කාරනයක් වෙන Brand Name එකට හානි වෙන්න පුලුවන්,,අදායම පහල යන්නත් වියදම ඉහල යන්නත් පුලුවන්,,අන්න ඒ නිසා තමයි ඔබ සතුව ඉතා වැදගත් වගකීමක් මේ Data Management සම්බන්දව තියෙන්නේ,,,මේ වගකීම හරි හැටි ඉටු කිරීමට වැදගත් වෙන කරුනු කීපයක් ගැන තමයි අද අපේ අවදානය..එහෙමනම් කියවගෙන යමුකො ඉදිරියට,,,

Data Management  වලදී පහත කාරනා වලට ඔබේ දැඩි අවදානය යොමු කරන්න,,,

Device එක හෝ Data Centers මත නොව Information මත අවධානය යොමු කරන්න


බොහෝ අය තම ආයතනයේ අවදානය යොමු කරන්නේ තමන්ගේ Data Centres වලට එහෙමත් නැත්නම් Servers වලට එහෙනත් නත්තන් Data Store කරල තියෙන Devices වලට,,මේක වැරදියි කියනවා නෙවේ නමුත් මෙවාට අවධානය යොමු කරන අතරම ඊටත් වඩා අවදානයක් යොමු විය යුත්තෙ ඒවායේ ඇති Information වෙතයි,,

නිතරම Information වල හොද Infrastructure එකක් තියාගන්න බලන්න,,මෙහිදී තොඅරතුරු ලබෙන ආකාරය,,ඒවා නැවත භාවිතා වෙන ආකාරය,,එවා යොමු වන දිශාවන්,,භාවිතා කරන උදවිය,, ආදි දේ ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න,,ආයතනයේ Information Flow එක හදුනාගන්න..මේ කාරනා දැනගැනීම තුල ඔබට ඉතා ඉහල මට්ටමෙ Data Management එකක් කරගන්න පුලුවන් වෙනවාඅ,,විශෙෂයෙන්ම තොරතුරු වල ආරක්ෂාව ගැන ඔබ හිතන වෙලාවල් වලට සහ ආරක්ෂාවට විවිද වැඩ පිලිවෙලවල් යොදන අවස්තා වලට ඔබ සතු Information Flow එක පිලිබ්ද දැනුම ඉතාමත් ම වැදගත් වේවි,,

Information පිලිබද පූර්ණ අවබෝධයක් ලබාගන්න


මෙකෙදි කරන්නේ කලින් පියවරෙදි ඉදිරිපත් කරපු කාරණය වැඩි දියුනු කරන එකයි,,මෙහෙමයි,,ඔබ කලින් පියවරේදි තෙරුම් ගත්ත Device වලට වඩා Informations වලට අවදානය යොමු කරන්න,,මේ පියවරේදි ඔබ කල යුත්තේ අවදානය යොමු කල Information හොදින් Study කරන එකයි,,

උදාහරන ලෙස ආයතනයක හැම Infromation එකකම එක සමාන නැහැ,,ඒවාට ඇත්තේ විව්ධ වටිනාකම්,,විවිධ ප්‍රමාණ,,ඒ වගේම මේ Infromation වල අයිතිය කාගෙද,,එවා පුද්ගලික Infromation ද පොදුවේ ආයතනය මත දිවෙන Infromation ද,,මෙවා දැනගත යුත්තේ කෞරුන්ද සහ එසේ නොවිය යුත්තේ කා හටද,, මේ ආකාරයෙන් ඔබ ආයතනයේ Infromation පිලිබද පූර්ණ වැටහීමක් ලබගෙන හකි තාක් ඒවායේ භාවිතාවන් පිලිබද Map එකක් ඔලුවෙ තියගන්න පුලුවන් නම් එද්නෙද ඔබ මුහුන දෙන ගැටලු කාරී අවස්තා වලට සාර්තකව මුහුන දෙන්න අවශ්ය දැනුමක් ඔබ තුල ගොඩ් නැගෙනු ඇති,,

ඵලදායි වන්න


නිරන්තරයෙන්ම අප ආයතන තුල දකින කාර්නයක් තමයි අනවශ්ය Infromation and  Data නිකරුනෙ store වෙලා තියෙන එක,,මේකට ප්‍රධානම කාරනාව තම්යි කලින් පියවර 2 නිසි ලෙස් පිලිපැදීමක් නොමැති වීම..

නිරන්තරයෙන් Duplicated Data ඉවත් කිරීඑමේ ක්‍රම වෙද භාවිතා කරන්න,,File Compressing සහ Archiving  කියන ක්‍රම නිරතුරු ව භාවිතා ක්‍රීරීමට පෙලඹෙනන්න,,මේ තුලින් ඉතා ඉහල මට්ටමේ නිවැරදි සහ ආරක්ශාකාරි Data Stores පවත්වාගෙන යමේ හැකියාව ඔබට ලබෙනු ඇති,,ඔබට සහ ආයතනයට ඉතාමත්ම අවශ්ය දෙවල් හැරෙන්න අනික් කිසිම දෙයක් Store කිරීමෙන් හැකිතාක් වලකින්න,,නිරන්තර Mal ware and Virus Attacks වලින් බේරෙන්නත් මේක හොද ක්‍රමයක්


Information පරිපාලන හා භාවිතීය policies යොදාගන්න


ඔබ ආයතනය Physical,Virtual හෝ Cloud Environment යන ඕනම ක්‍රමයක් අනුගමනය කලත් නිරන්තරයෙන් Information වලට Access කිරිමී බලතල,,Owners හදුනගැනීමෙ හැකියාව,,Information ඒකක සහ වර්ග කිරීමේ සහ වර්ග වශයෙන හදුනාගැනීමේ හැකියාව කියන දෙවල් අපහසුවකින් තොරව ලබාගැනීමෙ ක්‍රම භාවිත කරන්න.මෙම ක්‍රම භවිත කල යුත්තෙ Information Store කර්නා අව්ස්තාවේම වීම තමයි ඔබෙ අවධනය යොමු විය යුතු තැන වන්නේ,,


අනාගතය පිලිබද අවධියෙන් ඉන්න,,


මේක ඉතාමත්ම වැදගත් සහ බොහෝ උදවිය අත්හැර තිබෙන දෙයක්,,නිරතුරුවම තම ආයතනයේ තොරතුරු පිලිබද අවධානයෙන් සිටීම තුල අනාගත අවස්යතා පිලිබද විවිද පූර්ව ඉගි ලබගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති,,එම ඉගි භවිතා කොට අනාගත අවස්ය තාවන් වලට දැන්ම Plan එකක් සහ අදාල සම්පත් එක් රැස් කොට සූදානමින් සිටීමද ඉතා වැඩගත් වෙනු ඇති,,

එසෙනම් ඔබේ ගැටලු ගැනත් අපි හිතලා බලන්න සූදානම්,,යමක් අතොත් මේ ගැන ඒ ස්දහාත් ඔබට අවස්තාව විවරඉ මේ අවකාශය තුල..


Read more ►

Thursday, September 6, 2012

IT වෘත්තිකයෙකු ලෙස ඔබ සතු විය යුතු නවතම කුසලතා

4 comments


මෙක ටිකක් විතර වෙනස් කාරනාවක්..අද අපි දන්න හැමෝම IT Field එකේ ජොබ් එකක් කරන්න අසාවක් තියෙන අයට කියන්නෙ ඒ සදහා ගැලපෙන Certification  එකක් හරි උසස් හැදැරිමක් කරන්න කියලයි..මේක ඇත්ත වශයෙන්ම විය යුතු අනිවාර්ය දෙයක්..ඒ වගේම වර්තමානයේ ලෝකය වෙනස් වන ආකාරය සමග ඔබද එයට ගැලපෙන කුසලතා අත්කරගෙන සිටිය යුතු වීම තුල හොද ඉදිරි ගමනක් නිර්මානය කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා..

ඉතින් මෙහෙම හැම දෙයක්ම කරගෙන යන අතරතුර ඔබ විසින් දැනගත යුතු වර්තමාන ලොකයේ IT වෘත්තිකයකුගෙන් බලාපොරොත්තු වන විශේෂ කුසලතා කිහිපයක් ගැන තමයි අද මම කියන්න යන්නේ,,,මේක අතිශය වටින කාරනයක් වෙන්නේ මේ සම්බන්දව කිසිම තැනක කිසිදු ස්දහනක් කරන්න තරම් කිසිවෙක් දැනුවත් නොවී සිටීමයි..මොකද මේ දෙවල් ගොඩක් අය දැනගන්නේ ජොබ් එකකට ගියාට පස්සෙ නිසා,,,හැබැයි එතකොට ඉගෙන ගන්න ටිකක් විතර කට්ටක් කන්න වෙනවා,,එහෙමනම් යාලුවනේ ඔන්න කට්ටක් නොකාම ජොබ් එකට යන්න කලින්ම මෙව ගැන දැනගන්න ඔයලට මේ අවස්තාව

Programming and Application Development

මේ කාරනෙදි එයාල බලාපොරොත්තු වෙන්නේ ලොකුම ලොකු Knowledge එකක් නෙවෙයි නමුත් පොඩි පොඩි Applications develop  කරන්න සහ Software Developing වල භාවිතා කරන විවිද ක්‍රම වේද,,ඒවායේ විවිද අවස්තාවන්,,පියවරයන්,,වගේ දෙවල් පිලිබද දැනුමක් තියෙන එක ගොඩක් ප්‍රයොජනවත්.

මේ කාරනේටම Web Development and Designing ගැන තියෙන දැනුමත් වැදගත් වෙනවා..මේ හැමදෙම ඔයාට කරන්න වෙනව කියන එක නෙවෙයි මෙයින් අදහස් කරන්නේ,,මේ පිලිබද දැනුම ඔබට එදිනෙදා හමුවන ගැටලු නිරාකරනයට ඉතාම වැදගත් වෙනව,,,ඒක නිසා තමයි බොහෝ ආයතන මෙහෙම දෙවල් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ,,

Project Management

 මෙක ටිකක් විතර ඉගෙන ගෙන කරන්න ඕන කාරනයක් .අද වෙනකොට ලෝකේ මෙ පිල්බද ඉතා හොද සන්කල්ප ගොඩනැගිල තියනවා..ගොඩක් අය Project Management කිවුවම හිතන්නෙ මොකක් හරි Project එකක් කරන්න start කරලා ඒක Monitor කරන එක කියලා,,නමුත් එක නිවරදි නැහැ,,මොකද මේ කාරනේදි ඔබෙන් එතනින් එහාට ගිය කාරනාවන් බලාපොරොතු වෙන නිසා..

නව තාක්ෂනික ක්‍රම වේදයන් හදුනා ගැනීම,,තම ආයතනයේ තත්වය සහ පැවැත්ම ඉහල නැන්වීමට ඒවා යොදා ගැනීමේ හැකියාව පිලිබද ගවෙශනය කිරීඑමේ හැකියාව,,Users ලාගෙ එදිනෙදා ගැටලු පිලිබද අවබෝදය,,,ඒවා හදුනාගැනීමේ ක්‍රම යොදාගැනීම,,,හදුනා ගත් තාක්ෂනික ක්‍රමවේදයක්  හෝ උවමනාවක් නිසි ලෙස කාල නිර්නය කිරීම,,උවමනා සම්පත් සම්පාදනය කර ගැනීම,,ඒවා නියමිත පරිදි යෙදවීම තුල අවසන් අබිප්‍රාය කරා නියමිත ප්‍රතිඵ්ල සහිතව නියමිත කාල සීමා තුල ලගා වීමේ හැකියාව වගේ ගොඩක් කාරනා මේ සම්බන්දව වැදගත් වෙනවා..

Help Desk/Technical Support

මේ ගැන නම් ඉතින් හැමෝම දැනුවත්..නමුත් ඔබ දැනුවත් විය යුතු කරුනු කිහිපයකුත් තියෙනවා..ඒ තමයි Mobile Operating Systems කියන කාරනාව,,,අද වෙනකොට OS වලට Hardware වලට සහ Software  වලට support එක දෙන්න තමයි අපේ ගොඩක් අය දන්නෙ,,නමුත් මතක තියාගන්න දැන් ලෝකෙ එතනින් එහාට යන්න පටන් අරන් තියෙන්නේ,,මම මේ කතා කරන්නේ Mobile Operating Systems ගැනයි...ඔබ දන්නවා අද වෙන කොට Tablet PC,,Smart Phones කියන දෙවල් ඉතා ඉක්මනින් අපේ කටයුතු සිදුකරගැනීමට උදවෙ වෙන බව,,ඉතින් ඒක නිසාම මෙවගේ Devices වල OS ගැන වගේම Apps ගැනත් අපේ දැනුම ඉහල මට්ටමකින් බලපොරොත්තු වෙනව ගොඩක් ආයතන,,

Networking

මේ කාරනයත් ඉතා වැදගත් වෙනවා ඔබ Software Developing සම්බන්දව ඉගෙන ගන්න කෙනෙක්නම් මේ කාරනා සම්බන්දවත් ටිකක් විතර දැනගෙන ඉන්න එක ඉතා වැදගත්,,එහෙම වෙන්න ඉතා තදින් බලපාල තියෙන හේතුව තම්යි Virtualization and Cloud Computing   කියන එක,,,අද සහ හෙට ඔබට වැඩ කරන්න වෙන්නේ මේ තාක්ෂනික පසුබිමක නිසා Networking පිලිබ්ද දැනුවත් ව ඉන්න එක එදාට වඩා තදින් බලපානවා ඔයාගෙ සාර්තකත්ත්වයට,,

Business Intelligence

ටිකක් විතර පුදුමයි නේද..?? පුදුම වෙන්න දෙයක් නැහැ..IT Professional කෙනෙක් විදිහට ඔබ ආයතනයක වැඩ කරන කොට අනිවාර්යෙන්ම ඔබ කරන සමහර දෙවල් වලදී එම කාරනාවන් ආයතනයට අර්ථික වශයෙන් පාඩුවක් නොවන ආකරයට සහ උවමනා නැති විදම් අඩු වන පරිදි සැලසුම් කිරීමට මේ දැනුම ඔබට වැදගත් වෙනවා..විශෙෂයෙන්ම ඔබ නව තාක්ෂනික ක්‍රම වේදයන් යොදවන අවස්තාවල මේ කාරනය ඉතා වැදගත් වෙනව,,ඒ වගේම අදාල පිටස්තර ආයතන සමග ඉතා හොද අකාරයේ සම්බන්දතාවන් පවත්වගෙන යාමටත් මේ දැනුම ඔබට ඉතාමත් වැදගත් වෙනව,, 

Security

අද ලෝකය තාක්ෂනික අතින් විවිදාකාර තල වලට පිවිසෙනවත් සමගම ඒවායේ ආරක්ශාව පිලිබ්දවත් දෙපාරක් හිතන්න වෙල තියෙනවා..මොකද අද තියෙන තාක්ෂනික ක්‍රමත් එක්ක තම තමන්ගෙ ආයතන වල රහස් පිටත ලොකයට විවර වීමේ අවධානමට සැම ආයතනයක්ම මුහුන දීල තියෙන්නෙ,,ඔබව තෝරාගැනීමේදී මේ පිලිබ්ද දැනුම සලකා බලන්නේ අන්න ඒ නිසයි,,විවිද සෙඋරිට්ය් උපක්‍රම භාවිතාව පිලිබද දැනුමක් තිබීම ඉතාම වැදගත්,,,


ඉතින් ඔබට මින් මතුවට මේ සද්හන් කරපු කාරනාවන් පිලිබද දැනුමත් ටික ටික දියුනු කර ගැනීම ගැන හිතන්න පුලුවන්,,ඒ සදහා කරන්න පුලුවන් දෙවල් මොනවාද..?? මේ දැනුම ලබාගත හැකි ක්‍රම මොනවාද යන්න පිලිබද සොයා බලන්න,,මේ සියල්ලෙන් සන්නද්ද ඔබට ඕනම ආයතනයක අති සාර්ථක වෘතිකයෙකු වීමෙ වරම හිමි වෙන බව ඉතා අවධාරණයෙන් යුක්තව කියන්න පුලුවන්,,

 
Read more ►
 

Copyright © Network and Systems සිංහලෙන් Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger