Wednesday, September 19, 2012

Online File Storage එකක්

2 comments


අපි කලින් ලිපියෙදි කතා කලේ Cloud Computing ගැනනේ,,ඉතින් ඔය කියන Cloud Computing System එකෙන්ම තවත් වැඩක් කරගන්න විදිය තමයි මේ කියන්න යන්නේ,,අපිට ගොඩක් වෙලාවට වෙන වැඩක් තමයි අපි Computer එකේ තියගෙන ඉන්න ගොඩාක් වටින කියන Files Computer එකේ හරි Hard Disk එකේ හරි මොකක් හරි අවුලක් උන ගමන් අතුරුදහන් වෙන එක,,මේකෙදි සමහරවිට අපිට අතිශය වැදගත් Files සම්පූර්ණයෙන්ම උනත් අහිමි වෙන්න පුලුවන්..

ඉතින් එහෙම නොවෙන්න නම් අපි කරන්නෙ අපේ වටින Files Folders Backup කරල තියාගන්න එක,Backup කරන්න අපි කරන්නේ මේව Pen Drive එකකට හරි DVD එකකට Write කරල අරන් තියාගෙන ඉන්න එක,,නමුත් මේව ගැනත් ගොඩක් ලොකු විස්වාසයක් තියාගන්න අමාරුයි,,ඉතින් එහෙම වෙලාවට අපිට පුලුවන් Online Storage එකක් Use කරන්න,,

Online Storage නොමිලෙ ලබා දෙන Web sites ගොඩක් අපිට හමුවෙනවා,,මේ සූදානම එහෙම කිහිපයක් ඔබේ භාවිතාවට හදුන්වලා දෙන්න..අපි මෙහෙම Online Storage එකක Files Folders save කලහම තියෙන තවත් වාසියක් තමයි ඔබ යන ඕනම තැනකට මේ දෙවල් නැවත අරගන්න පුලුවන් කම තියෙන එක,,මෙහෙම හිතන්න ඔයා ගෙදර වැඩ කරල Online save කරන Document එක ඔයා Office එකට ගියහමත්  Download කරගෙන වඩ කරන්න පුලුවන්,,සමහර විට ඕනම Device එකකින් උනත් මේවට Access කරන්න පුලුවන්

Microsoft Sky Drive


මේක ගොඩක් පහසු Interface එකක් තියෙන Storage system එකක්,,ඉතාම ඉහල Upload පහසුකම් වලින් සමන්විත නිසා පහසුවෙන් Files Upload කරන්න පුලුවන්..සමන්ය Internet Connection එකකින් උනත් පහසුවෙන් Upload කරන්න පුලුවන් කම තියෙනව.Sky Drive Use කරන්න නම් ඔබට Account එකක් හදන්න වෙනව,,හැබැයි ඔබට Microsoft MSN වගෙ Mail Account එකක් තිය්නවන්ම් ඒක භවිතා කරලත් මේ පහසුකම ලබා ගන්න පුලුව..7 GB දක්වා Files and Folders ඔයාට Save කරල තියාගනන පුලුවන්,,

Sky Drive යන්න පහල Image එක Click කරන්න


-----------------------------------------------------------------------------------------

Sugar Sync

මේක ගොඩක් විශ්වාසදායි ක්‍රමයක්..ඒ වගේම ආකර්ශනීය Interface එකක් වගේම පහසුකම් සපයන ක්‍රමයක්..ඔයාට මුලින්ම ලැබෙන්නේ 5.5 GB Space එකක්,,නමුත් ඔයාට පුලුවන් ඔයාගේ යහලුවන්ට Sugar Sync හදුන්වා දීම තුලින් ඔයාගේ Space එක 32 GB දක්වා ඉහල දමා ගන්න,,මේකෙ තියෙන වාසිය තමයි ඔයාගෙ Computer එකේ තියෙන ඕනම Selected Foldr එකක් ඉන්ටෙර්නෙට් Connection එක තියෙන හැම වෙලාවකම Auto Synchronize වෙන්න හදන්න පුලුවන් කම..එහෙනම් ගිහිල්ලම බලන්නකෝ පහල Image  එකට Click කරල..

 

  ---------------------------------------------------------------------------------------

 Google Drive

Google කියන්නේ මේ ලොකේ ගොඩක් ම දෙනා හදුනන Company එකක්නෙ,,ඉතින් එයාලත් ඔන්න Online Storage එකක් දීල තියෙනවා,,මේක ටිකක් විතර විශේෂ වෙන්නේ පොඩි පොඩි පහසුකම් රශියක් ඔබට සපයා දෙන නිසයි,,මේ පහසුකම් පහත විදිහට පෙලගස්වන්න පුලුවන්


Word ,Presentations,Spread Sheets මෙය තුලම නිර්මානය කිරීමේ හැකියාව
ඒවා තැන් ඛිපයක සිට එකම මොහොතේ Edit කිරීමේ හැකියාව
යමෙකුට Email එකකට Attcah කරල Document යවන්නේ නතුව නිකන්ම Link එක විතරක් යවීමේ පහසුකම
Video,Photoshop,Illustrator වැනි File Types 30 කට අදික සන්ක්යාවක් ඔබගේ Browser එක තුලම Open  කර ගැනීමේ හැකියාව
ඔබට අවශ්ය ඕනෑම ආකාරයකට File Share කීඊමෙ හකියාව..

මේ වගේ ගොඩාක් දේවල් කරන්න පහල Image එකට Click කරල Google Drive වෙත  යන්න


මේ වගේ ගොඩක් Storages අපිට හොයාගන්න පුලුවන්,,ඔයාල දන්න සහ Use කරන Storages තියෙනවානම් Comment එකකින් මේකට ADD කරල යන්න අනික් හැමෝටම දැනගන්න..
Read more ►

Tuesday, September 11, 2012

ඔබට නොමිලේ cloud computing අත්දැකීමක්

2 comments


මුලු ලොකෙම තියෙන තාක්ෂනික කාරනා ඉතාමත් සීග්‍ර විදිහට වෙනස් වීගෙන යන මේ කාලෙ ගොඩක් උදවිය කතා බහ කරන කාරනාවක් තමයි මේ Cloud Computing කියන එක..පුද්ගලයෙකුගෙ හෝ ආයතනයක දිනපතා පරිගනක අවස්‍යතා සාමාන්‍ය සැබෑ ලෝකයේ සිට Virtual තත්වයකට ගෙන යාම තමයි මේ Cloud Computing වලින් කරන්නේ,,හැබැයි මෙහෙම කරන්නේ මෙක හුදෙක්ම අලුත් තාක්ෂනයක් නිසා නෙවෙයි,,මේ තුලින් ලැබෙන අසීමිත ප්‍රතිලාභ සහා සාපේක්ෂව Cost එක පවා අඩු කරගන්න පුලුවන් ක්‍රමයක් නිසයි.

ඉතින් එහෙම ලෝකෙක ඉන්න අපිට Cloud Computing පිලිබද පුන්චි හරි අත්දැකීමක් ලබා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි අද අපි මේ බලාගන්න යන්නේ,,ඇත්තටම කියනව නම් මෙක පුන්චි ක්‍රමයකුත් නෙවෙයි මොකද මම මෙ ඔබට අද හදුන්වල දෙනන් යන දෙවල් මම දන්න කියන කිහිප දෙනෙක් Industrial  සහ Personal මට්ටමින් සාර්තක්ව භාවිතා කරනවා...

මෙච්චර වෙල මොනවද මම මේ කියන්නෙ කියල කල්පනා කරනව ඇති,,,මෙන්න එහෙනම් කාරනේ,,Cloud Computing වල එක පැත්තක් තමයි Desktop Visualization කියන්නේ,,මේකෙදි වෙන්නේ,,ඔයා මොන Device එක ලෝකෙ කොතන සිට භවිතා කලත් ඒ ඕනම එකකින් ඔයාට ඔයාගෙ Desktop එකේ ඉදන් වැඩ කරන්න පුලුවන් වීම..ඇත්තටම ආස හිතෙන කාරනාවක් නේද,,.? ..ඒකෙදි වෙන්නෙ ඔයගෙ Desktop එක Central Location එකක store කරල තියල ඔයාට අවස්‍ය වෙලාවට ඔයාට අවස්‍ය Device එකට Load කරන එක තම්යි,,,

මේවා ඉතින් Industrial මට්ටමින් මහා පරිමාණ Online Resources උසෙ කරල තමයි කරන්නේ,,ඒ උනාට අද මම ඔයාලට දෙන්න යන්නේ අපේ එදිනෙදා පාවිච්චියට ගන්න පුලුවන් නොමිලේම වැඩ කරන්න පුලුවන් Online Desktop Visualization අත්දැකීමක්..කොටින්ම කිවොත් මේ කියන්නේ ඔයාට use කරන්න පුලුවන් Free Online Desktops කීපයක් පිලිබදයි,,

එහෙමනම් කතාව නවත්තලා වැඩේට බහිමු නේද,,? මම එකින් එක විස්තර කරන්නම් එහෙමනම් මෙන්න මේ විදිහට

GlideDigital

 සාමන්‍ය ඩෙස්ක්ටොප් එකක් හා සමනවම ඔබේ Files Save කරගන්න පුලුවන් Online ක්‍රමයක් තමයි මේ GlideDigital කියන්නේ,මෙහි store කරන Files ඉතා ආරක්ශා කාරී වන අතරම මෙය ඔබට ඔබගේ Online File Storage එකක් ලෙසත් භාවිත කල හැකිය,,ඔබට Online හමුවිය හැකි ඩෙස්ක්ටොප්ස් අතරින් ඉතාම ඉහල ගනයේ ඩෙස්ක්ටොප් එකක් සහ Operating System එකක් ලෙස මෙය හදුනවා දීමට හැකි වන්නේ හුදෙක් මෙහි පවතින Online File Storage ක්‍රමය නිසාම නොව එයටම ආවේනික ඔOnline Applications වල වැඩ කිරීමටඩ  ඔබට අවස්තාව ලබා දෙන නිසාවෙන්ය,,

GlideDigital වල පවතින Features

නොමිලේ ලබාදෙන ඉඩ ප්‍රමානය 30 GB පමන වීම
යන Browsers සදහා භවිතා කල හැකි Plugins වලින් යුක්ත වීම
Stock Market වැනි Latest News ලබාගැනීමේ හැකියාව
විවිධ Web Portal සදහා පහසුවෙන් පිවිසීමේ හැකීයාව,,

ඉහත සදහන් පහසුකම් සේම තවත් පහසුකම් සමගින් සියල්ල අත්විදගන්න මෙන්න මෙතනින් GlideDigital.com වෙත පිසෙන්න,,මතක තියාගන්න ඔබ මෙහි අccඔඋන්ට් එකක් cරේටෙ කල යුතු අතර එහිදී ෆ්‍රී අccඔඋන්ට් එකකට ලැබෙන පහසුකම් පිලිබද ඔබට ඉහල අත්දැකීමක් හිමි වනුඇත,,

ZimDesk

මෙය ටිකක් විතර විශේෂ Online Desktop එකක්,,ඔබට Storage පමනක් නොව විවිද Applications පව මෙහි අන්තර්ගත කොට ඇත,,Web Browsers ,Internet,Presentations, වගේ බොහෝ කාරනා ඔබට මේ මගින් සිදු කර ගත හැක,,,

මෙතනින් යන්න පුලුවන් zimdesk.com එකට,, 

එහෙමනම් Use කරල බලන්න...







Read more ►

Monday, September 10, 2012

ආයතනයේ Data Mangment වලට විශේෂ කරුණු

1 comments


මොනවද මේ Data කියන්නේ,,මේ ගැන ලොකුවට කතා කරන්න මේ කලෙ නම් එතරම්ම ඕන නැහැ..මොකද අද පුන්චිම ලමයගෙ ඉදන් වැඩිහිටිය වෙනකන් හමෝම වැඩ කරන්නේ මේ Data එක්ක නිසා,,අන්තර්ජාලය භාවිතා කරන ඕනම කෙනෙක් කුමක් හෝ යමක් Download කරනවා ඉතින් එහෙම Download කරන්නෙත් Data ම තමයි,,ඔබ  දන්නවා මේ Data තමයි අපේ වර්තමාන ලෝකේ ඉහලම වටිනා කම හිමි වෙන තොරතුරු (Infromations) බිහි කරන්නේ කියලා..

ඉතින් අද අපි මේ කතා බහ කරන්න යන්නේ මොන වගේ කාරනාවක්ද කියලා ඔබට මම ගොඩාක් පැහැදිලි කරන්න යන්නේ නැහැ,මේ ලිපිය ගොඩාක් ම වැදගත් වෙන්නේ ආයතනයක Network and Systems Administrators ,Engineers විඩිහට වැඩ කරන අයට සහ තමන්ගෙම ආයතනයක් පවත්වාගෙන යන කෙනෙකුට තමයි,,

ඕනම ආයතනයක පැවැත්ම රදා පවතින්නේ ඔවුන් විසින් එදිනෙදා එක් රැස් කරන ''සහ තොරතුරු මතයි,,මේ දත්ත සමූහ පිලිබද සම්පුර්න වගකීම තියෙන්නෙ අනිවාර්යෙන්ම ආයතනයේ IT Department එකට,,එහෙමත් නැත්නම් Systems Administrator ට නැත්නම් Database Administrator කෙනෙකුට,,

අපි මෙහෙම බලමු,,හිතන්න ඔබේ ආයතනයේ යම් කිසි විකුනුම් දත්ත ප්‍රමනයකට හානියක් උනොත් නැවත  සපයා ගත නොහැකි ලෙස..මොකද වෙන්නේ,,මෙක බලපානවා ආයතනයේ ආදායම් වියදම් ගනනයට,,ඉලක්ක නිර්මානයට,,සම්පත් පරිපාලනයට,,යෙදවුම් පරිපාලනයට,,වැටුප් ගනනයට,,වගේ ගොඩක් ඒකක වලට,,

මෙම හානිය නිසා අයතනයට තමන්ගේ වටිනාම සම්පත වෙන Customers ලා අහිමි වෙන්න පුලුවන්,,ඉතා වැදගත් කාරනයක් වෙන Brand Name එකට හානි වෙන්න පුලුවන්,,අදායම පහල යන්නත් වියදම ඉහල යන්නත් පුලුවන්,,අන්න ඒ නිසා තමයි ඔබ සතුව ඉතා වැදගත් වගකීමක් මේ Data Management සම්බන්දව තියෙන්නේ,,,මේ වගකීම හරි හැටි ඉටු කිරීමට වැදගත් වෙන කරුනු කීපයක් ගැන තමයි අද අපේ අවදානය..එහෙමනම් කියවගෙන යමුකො ඉදිරියට,,,

Data Management  වලදී පහත කාරනා වලට ඔබේ දැඩි අවදානය යොමු කරන්න,,,

Device එක හෝ Data Centers මත නොව Information මත අවධානය යොමු කරන්න


බොහෝ අය තම ආයතනයේ අවදානය යොමු කරන්නේ තමන්ගේ Data Centres වලට එහෙමත් නැත්නම් Servers වලට එහෙනත් නත්තන් Data Store කරල තියෙන Devices වලට,,මේක වැරදියි කියනවා නෙවේ නමුත් මෙවාට අවධානය යොමු කරන අතරම ඊටත් වඩා අවදානයක් යොමු විය යුත්තෙ ඒවායේ ඇති Information වෙතයි,,

නිතරම Information වල හොද Infrastructure එකක් තියාගන්න බලන්න,,මෙහිදී තොඅරතුරු ලබෙන ආකාරය,,ඒවා නැවත භාවිතා වෙන ආකාරය,,එවා යොමු වන දිශාවන්,,භාවිතා කරන උදවිය,, ආදි දේ ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න,,ආයතනයේ Information Flow එක හදුනාගන්න..මේ කාරනා දැනගැනීම තුල ඔබට ඉතා ඉහල මට්ටමෙ Data Management එකක් කරගන්න පුලුවන් වෙනවාඅ,,විශෙෂයෙන්ම තොරතුරු වල ආරක්ෂාව ගැන ඔබ හිතන වෙලාවල් වලට සහ ආරක්ෂාවට විවිද වැඩ පිලිවෙලවල් යොදන අවස්තා වලට ඔබ සතු Information Flow එක පිලිබ්ද දැනුම ඉතාමත් ම වැදගත් වේවි,,

Information පිලිබද පූර්ණ අවබෝධයක් ලබාගන්න


මෙකෙදි කරන්නේ කලින් පියවරෙදි ඉදිරිපත් කරපු කාරණය වැඩි දියුනු කරන එකයි,,මෙහෙමයි,,ඔබ කලින් පියවරේදි තෙරුම් ගත්ත Device වලට වඩා Informations වලට අවදානය යොමු කරන්න,,මේ පියවරේදි ඔබ කල යුත්තේ අවදානය යොමු කල Information හොදින් Study කරන එකයි,,

උදාහරන ලෙස ආයතනයක හැම Infromation එකකම එක සමාන නැහැ,,ඒවාට ඇත්තේ විව්ධ වටිනාකම්,,විවිධ ප්‍රමාණ,,ඒ වගේම මේ Infromation වල අයිතිය කාගෙද,,එවා පුද්ගලික Infromation ද පොදුවේ ආයතනය මත දිවෙන Infromation ද,,මෙවා දැනගත යුත්තේ කෞරුන්ද සහ එසේ නොවිය යුත්තේ කා හටද,, මේ ආකාරයෙන් ඔබ ආයතනයේ Infromation පිලිබද පූර්ණ වැටහීමක් ලබගෙන හකි තාක් ඒවායේ භාවිතාවන් පිලිබද Map එකක් ඔලුවෙ තියගන්න පුලුවන් නම් එද්නෙද ඔබ මුහුන දෙන ගැටලු කාරී අවස්තා වලට සාර්තකව මුහුන දෙන්න අවශ්ය දැනුමක් ඔබ තුල ගොඩ් නැගෙනු ඇති,,

ඵලදායි වන්න


නිරන්තරයෙන්ම අප ආයතන තුල දකින කාර්නයක් තමයි අනවශ්ය Infromation and  Data නිකරුනෙ store වෙලා තියෙන එක,,මේකට ප්‍රධානම කාරනාව තම්යි කලින් පියවර 2 නිසි ලෙස් පිලිපැදීමක් නොමැති වීම..

නිරන්තරයෙන් Duplicated Data ඉවත් කිරීඑමේ ක්‍රම වෙද භාවිතා කරන්න,,File Compressing සහ Archiving  කියන ක්‍රම නිරතුරු ව භාවිතා ක්‍රීරීමට පෙලඹෙනන්න,,මේ තුලින් ඉතා ඉහල මට්ටමේ නිවැරදි සහ ආරක්ශාකාරි Data Stores පවත්වාගෙන යමේ හැකියාව ඔබට ලබෙනු ඇති,,ඔබට සහ ආයතනයට ඉතාමත්ම අවශ්ය දෙවල් හැරෙන්න අනික් කිසිම දෙයක් Store කිරීමෙන් හැකිතාක් වලකින්න,,නිරන්තර Mal ware and Virus Attacks වලින් බේරෙන්නත් මේක හොද ක්‍රමයක්


Information පරිපාලන හා භාවිතීය policies යොදාගන්න


ඔබ ආයතනය Physical,Virtual හෝ Cloud Environment යන ඕනම ක්‍රමයක් අනුගමනය කලත් නිරන්තරයෙන් Information වලට Access කිරිමී බලතල,,Owners හදුනගැනීමෙ හැකියාව,,Information ඒකක සහ වර්ග කිරීමේ සහ වර්ග වශයෙන හදුනාගැනීමේ හැකියාව කියන දෙවල් අපහසුවකින් තොරව ලබාගැනීමෙ ක්‍රම භාවිත කරන්න.මෙම ක්‍රම භවිත කල යුත්තෙ Information Store කර්නා අව්ස්තාවේම වීම තමයි ඔබෙ අවධනය යොමු විය යුතු තැන වන්නේ,,


අනාගතය පිලිබද අවධියෙන් ඉන්න,,


මේක ඉතාමත්ම වැදගත් සහ බොහෝ උදවිය අත්හැර තිබෙන දෙයක්,,නිරතුරුවම තම ආයතනයේ තොරතුරු පිලිබද අවධානයෙන් සිටීම තුල අනාගත අවස්යතා පිලිබද විවිද පූර්ව ඉගි ලබගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති,,එම ඉගි භවිතා කොට අනාගත අවස්ය තාවන් වලට දැන්ම Plan එකක් සහ අදාල සම්පත් එක් රැස් කොට සූදානමින් සිටීමද ඉතා වැඩගත් වෙනු ඇති,,

එසෙනම් ඔබේ ගැටලු ගැනත් අපි හිතලා බලන්න සූදානම්,,යමක් අතොත් මේ ගැන ඒ ස්දහාත් ඔබට අවස්තාව විවරඉ මේ අවකාශය තුල..


Read more ►

Thursday, September 6, 2012

IT වෘත්තිකයෙකු ලෙස ඔබ සතු විය යුතු නවතම කුසලතා

4 comments


මෙක ටිකක් විතර වෙනස් කාරනාවක්..අද අපි දන්න හැමෝම IT Field එකේ ජොබ් එකක් කරන්න අසාවක් තියෙන අයට කියන්නෙ ඒ සදහා ගැලපෙන Certification  එකක් හරි උසස් හැදැරිමක් කරන්න කියලයි..මේක ඇත්ත වශයෙන්ම විය යුතු අනිවාර්ය දෙයක්..ඒ වගේම වර්තමානයේ ලෝකය වෙනස් වන ආකාරය සමග ඔබද එයට ගැලපෙන කුසලතා අත්කරගෙන සිටිය යුතු වීම තුල හොද ඉදිරි ගමනක් නිර්මානය කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා..

ඉතින් මෙහෙම හැම දෙයක්ම කරගෙන යන අතරතුර ඔබ විසින් දැනගත යුතු වර්තමාන ලොකයේ IT වෘත්තිකයකුගෙන් බලාපොරොත්තු වන විශේෂ කුසලතා කිහිපයක් ගැන තමයි අද මම කියන්න යන්නේ,,,මේක අතිශය වටින කාරනයක් වෙන්නේ මේ සම්බන්දව කිසිම තැනක කිසිදු ස්දහනක් කරන්න තරම් කිසිවෙක් දැනුවත් නොවී සිටීමයි..මොකද මේ දෙවල් ගොඩක් අය දැනගන්නේ ජොබ් එකකට ගියාට පස්සෙ නිසා,,,හැබැයි එතකොට ඉගෙන ගන්න ටිකක් විතර කට්ටක් කන්න වෙනවා,,එහෙමනම් යාලුවනේ ඔන්න කට්ටක් නොකාම ජොබ් එකට යන්න කලින්ම මෙව ගැන දැනගන්න ඔයලට මේ අවස්තාව

Programming and Application Development

මේ කාරනෙදි එයාල බලාපොරොත්තු වෙන්නේ ලොකුම ලොකු Knowledge එකක් නෙවෙයි නමුත් පොඩි පොඩි Applications develop  කරන්න සහ Software Developing වල භාවිතා කරන විවිද ක්‍රම වේද,,ඒවායේ විවිද අවස්තාවන්,,පියවරයන්,,වගේ දෙවල් පිලිබද දැනුමක් තියෙන එක ගොඩක් ප්‍රයොජනවත්.

මේ කාරනේටම Web Development and Designing ගැන තියෙන දැනුමත් වැදගත් වෙනවා..මේ හැමදෙම ඔයාට කරන්න වෙනව කියන එක නෙවෙයි මෙයින් අදහස් කරන්නේ,,මේ පිලිබද දැනුම ඔබට එදිනෙදා හමුවන ගැටලු නිරාකරනයට ඉතාම වැදගත් වෙනව,,,ඒක නිසා තමයි බොහෝ ආයතන මෙහෙම දෙවල් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ,,

Project Management

 මෙක ටිකක් විතර ඉගෙන ගෙන කරන්න ඕන කාරනයක් .අද වෙනකොට ලෝකේ මෙ පිල්බද ඉතා හොද සන්කල්ප ගොඩනැගිල තියනවා..ගොඩක් අය Project Management කිවුවම හිතන්නෙ මොකක් හරි Project එකක් කරන්න start කරලා ඒක Monitor කරන එක කියලා,,නමුත් එක නිවරදි නැහැ,,මොකද මේ කාරනේදි ඔබෙන් එතනින් එහාට ගිය කාරනාවන් බලාපොරොතු වෙන නිසා..

නව තාක්ෂනික ක්‍රම වේදයන් හදුනා ගැනීම,,තම ආයතනයේ තත්වය සහ පැවැත්ම ඉහල නැන්වීමට ඒවා යොදා ගැනීමේ හැකියාව පිලිබද ගවෙශනය කිරීඑමේ හැකියාව,,Users ලාගෙ එදිනෙදා ගැටලු පිලිබද අවබෝදය,,,ඒවා හදුනාගැනීමේ ක්‍රම යොදාගැනීම,,,හදුනා ගත් තාක්ෂනික ක්‍රමවේදයක්  හෝ උවමනාවක් නිසි ලෙස කාල නිර්නය කිරීම,,උවමනා සම්පත් සම්පාදනය කර ගැනීම,,ඒවා නියමිත පරිදි යෙදවීම තුල අවසන් අබිප්‍රාය කරා නියමිත ප්‍රතිඵ්ල සහිතව නියමිත කාල සීමා තුල ලගා වීමේ හැකියාව වගේ ගොඩක් කාරනා මේ සම්බන්දව වැදගත් වෙනවා..

Help Desk/Technical Support

මේ ගැන නම් ඉතින් හැමෝම දැනුවත්..නමුත් ඔබ දැනුවත් විය යුතු කරුනු කිහිපයකුත් තියෙනවා..ඒ තමයි Mobile Operating Systems කියන කාරනාව,,,අද වෙනකොට OS වලට Hardware වලට සහ Software  වලට support එක දෙන්න තමයි අපේ ගොඩක් අය දන්නෙ,,නමුත් මතක තියාගන්න දැන් ලෝකෙ එතනින් එහාට යන්න පටන් අරන් තියෙන්නේ,,මම මේ කතා කරන්නේ Mobile Operating Systems ගැනයි...ඔබ දන්නවා අද වෙන කොට Tablet PC,,Smart Phones කියන දෙවල් ඉතා ඉක්මනින් අපේ කටයුතු සිදුකරගැනීමට උදවෙ වෙන බව,,ඉතින් ඒක නිසාම මෙවගේ Devices වල OS ගැන වගේම Apps ගැනත් අපේ දැනුම ඉහල මට්ටමකින් බලපොරොත්තු වෙනව ගොඩක් ආයතන,,

Networking

මේ කාරනයත් ඉතා වැදගත් වෙනවා ඔබ Software Developing සම්බන්දව ඉගෙන ගන්න කෙනෙක්නම් මේ කාරනා සම්බන්දවත් ටිකක් විතර දැනගෙන ඉන්න එක ඉතා වැදගත්,,එහෙම වෙන්න ඉතා තදින් බලපාල තියෙන හේතුව තම්යි Virtualization and Cloud Computing   කියන එක,,,අද සහ හෙට ඔබට වැඩ කරන්න වෙන්නේ මේ තාක්ෂනික පසුබිමක නිසා Networking පිලිබ්ද දැනුවත් ව ඉන්න එක එදාට වඩා තදින් බලපානවා ඔයාගෙ සාර්තකත්ත්වයට,,

Business Intelligence

ටිකක් විතර පුදුමයි නේද..?? පුදුම වෙන්න දෙයක් නැහැ..IT Professional කෙනෙක් විදිහට ඔබ ආයතනයක වැඩ කරන කොට අනිවාර්යෙන්ම ඔබ කරන සමහර දෙවල් වලදී එම කාරනාවන් ආයතනයට අර්ථික වශයෙන් පාඩුවක් නොවන ආකරයට සහ උවමනා නැති විදම් අඩු වන පරිදි සැලසුම් කිරීමට මේ දැනුම ඔබට වැදගත් වෙනවා..විශෙෂයෙන්ම ඔබ නව තාක්ෂනික ක්‍රම වේදයන් යොදවන අවස්තාවල මේ කාරනය ඉතා වැදගත් වෙනව,,ඒ වගේම අදාල පිටස්තර ආයතන සමග ඉතා හොද අකාරයේ සම්බන්දතාවන් පවත්වගෙන යාමටත් මේ දැනුම ඔබට ඉතාමත් වැදගත් වෙනව,, 

Security

අද ලෝකය තාක්ෂනික අතින් විවිදාකාර තල වලට පිවිසෙනවත් සමගම ඒවායේ ආරක්ශාව පිලිබ්දවත් දෙපාරක් හිතන්න වෙල තියෙනවා..මොකද අද තියෙන තාක්ෂනික ක්‍රමත් එක්ක තම තමන්ගෙ ආයතන වල රහස් පිටත ලොකයට විවර වීමේ අවධානමට සැම ආයතනයක්ම මුහුන දීල තියෙන්නෙ,,ඔබව තෝරාගැනීමේදී මේ පිලිබ්ද දැනුම සලකා බලන්නේ අන්න ඒ නිසයි,,විවිද සෙඋරිට්ය් උපක්‍රම භාවිතාව පිලිබද දැනුමක් තිබීම ඉතාම වැදගත්,,,


ඉතින් ඔබට මින් මතුවට මේ සද්හන් කරපු කාරනාවන් පිලිබද දැනුමත් ටික ටික දියුනු කර ගැනීම ගැන හිතන්න පුලුවන්,,ඒ සදහා කරන්න පුලුවන් දෙවල් මොනවාද..?? මේ දැනුම ලබාගත හැකි ක්‍රම මොනවාද යන්න පිලිබද සොයා බලන්න,,මේ සියල්ලෙන් සන්නද්ද ඔබට ඕනම ආයතනයක අති සාර්ථක වෘතිකයෙකු වීමෙ වරම හිමි වෙන බව ඉතා අවධාරණයෙන් යුක්තව කියන්න පුලුවන්,,

 
Read more ►

Sunday, August 26, 2012

කවුද මේ Computer Systems Administrator කෙනෙක් කියන්නෙ,,

2 comments

යාලුවනේ මේ කතාව IT වලට එන්න හිතාගෙන ඉන්න අයට වගේම IT වල ජොබ් එකක් ස්ටාර්ට් කරපු අයටත් ටිකක් වැදගත් වෙයි..මොක්ද අපෙ රටේ මේ ගැන සින්හලෙන් කතා කරන සහ දැනුම ලබාගන්න තියෙන අවස්තා විරල නිසයි,,එහෙමනම් අපි බලමු කවුද මේ Computer Systems Administrator කෙනෙක් කියන්නේ කියලා..

මේ තනතුර අපිට Computer system administrator, IT systems administrator, systems administrator, Systems and Network  Administrator හෝ sysadmin වගේ විවිද විදිහට අහන්න ලැබෙනවා..මොහු ගේ ප්‍රධාන වගකීම තමයි Computer System එක සහ Network එක Maintain  සහ Operate කිරීම.මේ අතර තුර Sysadmin කෙනෙකුගේ දවසේ රාජකාරීන් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්නත් පුලුවන්,මොකද විවිධ ආයතන වලComputer System එක විවිධ ආකාරයෙන් පවතින්න පුලුවන් නිසා..නමුත් පොදුවේ ගත්තම අපිට පහත සදහන් වෙන කාරනා Sysadmin කෙනෙක් අතින් සිදුවෙනවා කියල පෙන්වන්න පුලුවන්

  • Analyzing system logs and identifying potential issues with computer systems.
  • Introducing and integrating new technologies into existing data center environments.
  • Performing routine audits of systems and software.
  • Performing backups.
  • Applying operating system updates, patches, and configuration changes.
  • Installing and configuring new hardware and software.
  • Adding, removing, or updating user account information, resetting passwords, etc.
  • Answering technical queries and dealing with often frustrated users.
  • Responsibility for security.
  • Responsibility for documenting the configuration of the system.
  • Troubleshooting any reported problems.
  • System performance tuning.
  • Ensuring that the network infrastructure is up and running.

නමුත් ඔබ දැනගත යුතු කරුනක් තමයි ඉතා විශාල අයතන වල ඉහත සදහන් කල රාජකාරීන් sysadmins කිහිප දෙනෙකු අතර බෙදී යන්න පුලුවන්..මොකද System එක ලොකු උනොත්  තනිවම මේ සියල්ලම කරන එක ප්‍රයෝගික නැති නිසා..ඉහත සදහන් කල වැඩ වලට අමතරව බොහෝ විට Sysadmin කෙනෙකුට Technical support , Database administrator (DBA) , Network administrator/analyst/specialist , Application analyst , Security administrator විදිහටත් වැඩ කරන්න සිදුවෙනවා..ඒක පදනම් වෙන්නේ ඔහු වැඩ කරන ආයතනය අනුව තමයි.. 

ඔබත් කැමති නම් Systems Administrator කෙනෙක් වෙන්න මෙන්න මේ කියන ටික ඔබට වැදගත් වේවි,,වර්තමානයේ නම් Sysadmin කෙනෙක් වෙන්න IT සම්බන්ද උපාධියක් හෝ HND  එකක් තියෙන්න ඕන,මීට අමතරව ඔහුගේ පලපුරුද්ද ගැනත් ආයතනයක් විශෙෂයෙන් සොයා බලනවා,,මොකද මෙක ටිකක් බැරැරුම් කටයුත්තක් සහ අතිශය Practical ජොබ් එකක් නිසා..

මේ සියල්ල වගේම අද ඉතාමත් වැදගත් කාරනාවක් වෙලා තියෙනේ industry certifications කියන එකයි,,, ඒ කියන්නේ IT ෆීල්ඩ් එකේ විවිද Products supply කරන ආයතන වලින් ලබා දෙන ප්‍රවීනතා සහතික පත් සහ පුහුනුවීම්, මෙය අද ඉතාමත් ඉහල පිලිගැනීමකට ලක්වෙන කාරනයක් බවට පත්වෙලා හමාරයි,,,

මේ විදිහේ සහතිකපත් සහ පාඨමාල සදහා උදාහරන ලෙස

MCSA       (Microsoft Certified Systems Administrator )
MCSE       (Microsoft Certified Systems Engineer )
MCITP      (Microsoft Certified IT Professional )
Red Hat RHCE     (Red Hat Certified Engineer )
Novell CNA          (Certified Novell Administrator )
CNE                      (Certified Novell Engineer )
Cisco CCNA         (Cisco Certified Network Associate )
CompTIA's A+ or Network+

පෙන්වා දෙන්න පුලුවන්

ආයතනයක සියලුම Servers, Operating Systems, Softwares, Networks පිලිබඩ  වගකීම් හිම්වෙන මේ Systema Administrator ගැන ගොඩක් දේවල් ඔයාල දැනගන්න අති කියල මම හිතනවා..එහෙමනම් අයෙත් හමුවෙමු මේ වගෙම ලිපියකින්...


Read more ►

Saturday, August 25, 2012

මොකක්ද මේ CCNA ....?

2 comments

Computer Networking ගැන කතා කරන කොට ඉහලින්ම සදහන් වෙන Certification  එකක් තමයි CCNA කියන්නෙ.. Computer Network  කියන ෆීල්ඩ් එක තමන්ගෙ Career එක කරගන්න කැමැත්තෙන් ඉන්න අයට හැමෝම කියනවා එහෙනම් CCNA  කරන්න කියල..ඒත් ගොඩක් අයට CCNA කියන්නෙ මොකද්ද කියල idea එකක් එන්නේ Certification  එකට study කරන්න පටන් ගත්තට පස්සෙ තමයි..ඉතින් ඒක පටන් ගන්න ඉස්සෙල්ලම ඒ ගැන දැනගන්න ඕන අයට තමයි මෙ පොස්ට් එක,,

CCNA  කියන්නේ මේ Certification  එකේ short form එක,CCNA  කියන එකේ අදහස තමයි,,Cisco Certified Network Associate කියන එක,,

මේ Certification  එක issue කරන්නේ ලොකෙ Networking Devices  වලට ඉහලම නමක් දිනාගෙන තියෙන සහ ලෝකෙ ගොඩාක් network වල Back Bone වල තමනිගේ Devices  run වෙන Cisco Systems කියන ආයතනය,CCNA Certification  එක ඔබට තියෙනවා කියන එකෙනෙ තහවුරු වෙන්නේ ඔබට Medium  size  routed and switched network එකක් install, configure, operate, and troubleshoot සම්බන්දව ඉහල දැනුමක් තියෙනව කියන එකයි,,

මෙම Certification එක ලබා ගැනීමට ඔබ 640-802 දරණ් CISCO Exam එක පස්ස් වෙන්න ඕන,,එහෙමත් නැත්නම් ICDN 1 #640-822 සහ ICDN 2 #640-816 කියන Exam දෙක පාස් වෙන්න ඕන,,ICDN 1 පාස් උනහම ඔයාට  Cisco Certified Entry Networking Technician එක එයලා grant  කරනවා..Exams පාස් උන Candidates ලට CISCO එකෙන් Score Report එකක් ලබෙන්නට සලස්වනවා,,

මේ Exam එකේ පහත සදහන් දෙවල් තමයි අන්තර්ගත වෙන්නේ
  • LAN and WAN design (including the OSI model)
  • IP addressing
  • routers and routing protocols (including OSPF, EIGRP and RIP)
  • VLAN (virtual LAN) and WLAN (wireless LAN)
  • network security and management (including ACLs)


CCNA Valid වෙන්නෙ අවුරුදු 3 කට පමනයි අවුරුදු තුනෙන් පස්සෙ ඔයා Recertify වෙන්න ඕන..ඒක ඕන නම් Upgrade එකක් වෙන්නත් පුලුවන්..ඒ කියන්නෙ CCNA එකෙන් ඉහලට තියෙන Exam එකක් වෙනත් පුලුවන්..

CCNA වලට ඕන තරම් Classes තියෙනවා..එයින් එකකට සහභාගී වෙලා Exam ට face කරන්න ඔයාලටත් පුලුවන්...

තවත් විස්තර ඕන අය මෙතනින් අරගන්නකෝ..


Read more ►

Friday, August 17, 2012

Services නවත්තල Speed වෙමු

0 comments


අද මගේ පොස්ට් එක Windows 7 use කරන අයටයි..අපේ Windows 7 Computer එකේ අපිට නිතරම භාවිත කරන්න අවස්ය නොවන සහ බොහෝ විට භාවිතා නොකරන සමහර Services අපි Disable කලොත් ගොඩක් දැනෙන විදිහට Computer එකේ speed එක වැඩි වෙනවා...ඉතින් අද අපි කරන්න යන්නෙ එහෙම වැඩක්..මෙතැනින් ඔයාලට මම පෙන්නලා දෙන List එක හොදට බලලා තමන්ගෙ Usage එකට අනුව අනික් එවා Disable කරලා දාන්න,,,

කියන්න දෙයක් තියෙනවා..මතක තියාගන්න මේ Services Disable කරනවට වඩ්ඩ හොදයි Manual කියන තත්වෙන් තියන එක,,,එහෙම කලහම Windows වල්ට මේව අවස්ය උනොත් විතරක් එයා මේව Enable කරගන්නවා..

  1. Application Experience
  2. Computer Browser (නෙට්වොර්ක් එකකට cඔන්නෙcට් කරල නැත්නම්)
  3. Desktop Window Manager Session Manager ( aero effects උවමනා නැතිනම්)
  4. Diagnostic Policy Service
  5. Distributed Link Tracking Client
  6. IP Helper
  7. Offline Files
  8. Portable Device Enumerator Service
  9. Print Spooler (Printer එකක් පවිච්චි කරන්නේ නැත්නම්)
  10. Protected Storage
  11. Remote Registry
  12. Secondary Logon
  13. Security Center
  14. Server (නෙට්වොර්ක් එකකට cඔන්නෙcට් කරල නැත්නම්)
  15. Tablet PC Input Service
  16. TCP/IP NetBIOS Helper
  17. Themes
  18. Windows Error Reporting Service
  19. Windows Media Center Service Launcher
  20. Windows Search (Search එක use කරන්නෙ නැත්නම්)
  21. Windows Time (system time එක internet time  එකත් එක්ක synchronize වෙන්න ඕනෙ නැත්නම්)
එහෙමනම් කරල බලන්න,,
Read more ►

මේ දවස් වල ලෝකෙ ඉහලම ඉල්ලුම තියෙන Certifications

1 comments







අපිට එකෙක Companies එක්ක වැඩ කරන කොට..විවිද technologies use කරනකොට ගොඩාක් experience ලැබෙනවා..ඉතින් එහෙම හෙමින් හෙමින් ඉස්සරහට යන අපේ හමෝටම ටිකක් විතර වැදගත් වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ..

අපි දන්නවා ජොබ් එකකට යන්න කලින් හරි ජොබ් එකක් කරන ගමන් හරි අපේ ගොඩාක් යලුවෝ දිගටම ඉගෙන ගන්නව,,ගොඩක් අය කැමතියි අද කාලෙ ගොඩක් ම ඉල්ලුමක් තියෙන certifications ටිකක් හදාගන්න,,,ඉතින් එහෙම අයට මේ ලිපිය කිය්වුවම පොඩි අදහසක් ගන්න පුලුවන් වේවි,,

ලෝකෙ ඉහලම ඉල්ලුමක් තියෙන Certification එකක් තමයි CCIE (Cisco Certified Internetwork Expert) කියන්නෙ,,මෙතන මම සදහන් කරන්නෙ මේ දවස් වල situation එක අනුව ඔයාල සන්නද්ද වෙන්න ඕන certifications ටිකක් ගැනයි,,

MCITP (Microsoft Certified IT Professional) Enterprise Administrator

මේ සුදුසු කම ලබාගන්න එxඅම්ස් කිහිපයක්ම කරන්න ඕන,,MCITP (Server Administrator) තියෙන කෙනෙකුට වින්ඩොව්ස් සෙර්වෙර් 2008 Active Directory, configuring network and application infrastructures, enterprise environments ගැන හොද දැනුමක් තියෙන බවට ඉහල පිලිගැනීමක් තියෙනවා.පහලම මට්ටමේ අයතනයක සිට ඉහලම මට්ටමේ අයතනයක සෙවය සදහා අවස්ය සියලුම Microsoft Systems administration and networking දැනුම මේ තුලින් ලබෙනවා.

MCTS (Microsoft Certified Technology Specialist)
හමොටම MCITP වගේ certification එකක් ලබාගන්න exams ගොඩකට යන්න උවමනාව නැහැනෙ,,MCTS කියන්නෙ බොහෝ විට එක exam එකක් කලහම ලබගන්න පුලුවන් Microsoft Certification එකක්.Exchange, SharePoint, Virtualization, Windows Client, or Windows Server යන පැති වලින් MCTS certifications තියෙනව කියන්නේ ඔයාගෙ CV එක ගොඩක් ශක්තිමත් වෙන කාරනයක්.ඉහත ක්ශෙස්ත්‍ර වල එදිනෙදා අතිවෙන ඕනම ගටලුකාරී තත්වයකට මුහුන දෙන්න අවස්ය දැනුම ඔබට මේ Certifications වලින් ලැබෙනවා,,,

VCP (VMware Certified Professional)

මේක Virtualization ගන certification එකක්,,අපි දන්නව අද ගොඩක් අය Virtualization ගැන cloud Computing ගැන කතා කරන්වා,,ඉතින් මේ Certification තියෙන කෙනෙකුට හොද ඉල්ලුමක් තියෙනව අද වගේම අනාගතයෙදිත්..මොකද අද වෙනකොට ගොඩාක් companies තමන්ගෙ servers Virtual එකක run කරන්න ගොඩාක් කැමතියි මේකෙ තියෙන මහ ගොඩක් වාසි සහගත දෙවල් නිසා,,,VM Ware කියන Virtualization වල ඉන්න ලෝකෙ දැවැන්ත සමාගම තමයි මේ certification එක issue කරන්නේ,

CCNA (Cisco Certified Network Associate )
ලොකෙ තියෙන network backbone ගොඩාක් ම පාහේ Cisco Devices වලින් ආක්‍රමනය කරන කොට මේ cඑර්ටිෆිcඅටිඔන් එකේ වදගත් කම දවසින් දවස ඉහල යනවා,,,network OS’s fundamentals සහ networking ගැන ඉතා ඉහල දැනුමක් මේ හරහා ඔබට ලබා ගන්න පුලුවන්,,,


තව ටිකක් තියෙනවා..ඒ ටික පස්සෙ දන්නම්..මොකද ජොබ් එක කරන්නත් ඕනනේ මෙව අස්සේ.. යන්න යලුවනේ,,,
Read more ►

Thursday, August 9, 2012

Windows 7, 30 Days Trial එක දවස් 120කට නොමිලේ legally වැඩිකරගන්න

1 comments


අපේ ගොඩක් අය ආසයි Windows 7 Original ටික  දවසක් හරි use කරන්න,,,අපි හමෝම දන්න රහසක්  තමයි ඉන්දියාව අතුලු ගොඩක් ආසියාතික රටවල් වල ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Pirate Copies කියන එක,,එහෙමත් නත්ත්නම් Crack Copies කියන එක..

හැබැයි අපි මේ කියල දෙන්න යන්නෙ Pirate කරන විදිහවත් Crack කරන විදිහවත් නෙවෙයි..Legal විදිහට ඔයා ලග  තියෙන Windows Copy එක දවස් 120 වෙනකන් භවිතා කරන්න පුලුවන් ක්‍රමයක් ගැන..අපි හමොඅම දන්නව Windows 7 Trial  Version  එක දවස් 30 න් Expire වෙනව කියල.එහෙම උනහම  අපි ඒක License කරන්න ඔනෙ නැත්නම්  අයින් කරන්න ඔනෙ (ගොඩක් අය මෙක දන්නෙ නැත්තෙ Crack  use කරන නිසයි )

අපි අද කරන්න යන්නෙ මෙ දවස් 30න් අහොසි වෙන එක දවස් 120ක් දක්ව ප්‍රමාද කරන විදිහයි...මතක තියාගන්න මේක 100% Legal   නිසා  බය වෙන්න ඔනෙ නැහැ ,,

OK කරලම බලමු

මුලින්ම ඔයාගෙ Computer එකට Windows 7 Install  කරන්න,,මතක තියාගන්න Install  කරන කොට License Key එකක් දෙන්නෙ නැතිව  තමයි ඉන්ස්ටල්ල් කරන්න ඔනෙ

දැන් දවස් 30 සම්පුර්න වෙනකන් කිසිම ප්‍රශ්නයක් නතිව මේක ඔයා උසෙ කරන්න..හරියටම දවස් ගනන ඉවර උනහම (0 උනාම)

පහල තියෙන Commands වලින් ඔනෙම එකක් Command Prompt එකේදි Type කරල Enter කරන්න 

(Command Prompt එකට යන්න (Start > Run ගිහින් cmd කියල type  කරල enter කරන්න )


sysprep /generalize

slmgr.vbs –rearm

rundll32 slc.dll,SLReArmWindows

slmgr /rearm


දැන් Computer එක Restart කරන්න

දන් ඔයාට තව දවස් 30ක් දක්වා Windows 7 Legal විදිහට  use කරන්න පුලුවන්  

නැවතත් දින 30 අවසනයෙ ඉහත පරිදිම නවත Activate කරගන්න පුලුවන්..මේ විදිහට කරන්න පුලුවන් 3 න් වතාවක් විතරයි ඔන්න,,

මට මේකෙ පලවෙනි cඔම්මන්ඩ් දෙක වඩ කලේ නහ,,නමුත් 3න් වෙනි එක වඩ කලා,,ඔයාලට ඒක වෙනස් වෙන්න පුලුවන්..එකේක cඔපීස් වලට ඒක වෙනස් වෙනවා..උත්සහ කරල බලල කියන්න අපිටත්..



Read more ►

Windows 7 Speed කරගන්න

3 comments

Windows 7 නිර්මනය උනේම Users ලට Speed විදිහට වැඩ කරන්න පුලුවන් විදිහට..ඒක ඔයලට තෙරේවි Vista PC එකක වඩ කරල Seven  එකක වඩ කරන කොට.නමුත් අපිට තවමත් මේකෙ තියෙන Performance ගන සෑහීමකට පත්වෙන්න බැරි අවස්තා තියෙනව.මොකද තවමත් අපේ ගොඩාක් අය Windows 7  Install  කරල තියෙන්නෙ එයාලගෙ පරන PC එකටමයි.එහේම උනහමත් පොඩ්ඩක් Performance අඩු වෙනව.ඉතින් මම ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි විදිහට ඔයලගෙ Windows 7 PC එකෙ Speed එක වඩි කරගන්න පුලුවන් ක්‍රම ටිකක්.මේ ටික අනුගමනය කරන ඔබට අස් පනාපිටම බලාගන්න පුලුවන් ඔයාගෙ PC එකෙ Performance  වඩි වෙන විදිහ..

Windows 7 Install කරන්න අවම ලෙස පහත දෙවල් තියෙන්න ඕන

  • 1GHz processor (32- or 64-bit)
  • 1GB of main memory
  • 16GB of available disk space
  • Support for DX9 graphics with 128MB of memory (for the Aero interface)
  • A DVD – R/W Drive

 ඔයාගෙ PC එකෙ DX 9 graphics card එකක් නහ කියල බය වෙන්න එපා.මොකද අපී බලාපොරොත්තුව ඵෙර්ෆොර්මන්cඑ මිසක් ලස්සන නෙවේනේ.. හැබැයි ඔයාට Aero experience  එක ඔනෙ නම් අනිවාර්යෙන්ම powerful graphics card එකක් Use කරන්න වෙනව,,,

 එහෙමනම් අපි එකින් එක පටන් ගමු වැඩේ කරන්න


Search Indexing Feature එක Disable කරන්න

Computer Icone එකෙ ර්‍ Right Click  කරල Manage තොරන්න
එතකොට එන Computer Management වින්ඩොව් එකෙන් Services and Applications තූරන්න
Services Click  කරන්න
ඔයාට ගොඩක් Services දකින්න ලබේවි
Windows Search කියන එක හොයාගන්නWindows Search එකේ Right Click  කරල Properties යන්න
ඔයට Windows Search Properties Window එක Open වේවි
Startup type කියන තනින් Disabled කියන එක දෙන්න
දැන් Apply  කරල OK කරන්න

  

 

Aero Theme එක Disable කරන්න

ඩෙස්ක්ටොප් එකේ Right Click කරල Personalize තොඅරන්න
Window Color  Tab එකට යන්න
Enable Transparency කියන Check Box එක Uncheck කරන්න ඊට පස්සෙ Open classic appearance properties for more color options කියන එකට Click කරන්න 

දැන් එන Window එකෙන් Standard හරි Basic theme එකක් දීල Apply කරන්න

 

 

Useless Visual Effects Disable  කරන්න 

Computer Properties යන්න
වම් පැත්තෙ list  එකෙන් Advanced System Settings යන්න
Advanced ටැබ් එක Select කරන්න
Performance කියන එක යටතෙ තියෙන Settings වලින් Custom තොඅරන්න
ලිස්ට් එකේ තියෙන ඔක්කොම Un tick කරල අන්තිම 4 විතරක් ඉතුරු කරන්න
දන් Apply  කරල Log Off  වෙල Log On වෙන්න

 

 

User account control (UAC) Feature  එක Disable කරන්න (Advanced Users ලට විතරක් මේක මම Recomond  කරනවා)

Control Pannel එකේ User Accounts and Family Safety ” > User Account. ඔපෙන් කරන්න
User Account Control ලින්ක් එක cලිcක් කරන්න
එතන තියෙන Slieder එක Never Notify පැත්තට Drag කරන්න
Ok කරල PC එක ‍Reboot කරන්න 

 

 

 Ready Boost Service Feature එක Setup කරන්

මේකට ඔයලට High Speed Pendrive එකක් ඕන වෙනවා..
Pen Drive  එක PC එකට Plug කරන්න
Computer open කරල Pen Drive එකේ Right Click කරල Ready Boost ගිහින් Use This Device  කියන Check Box එක Tick  කරන්න
ඔයාට පුලුවන් කොඉතරම් ඉඩ ප්‍රමානයක් Pen Drive එකෙන් Use කරනවද කියල Configure කරන්න
මේකෙදි වෙන්නෙ Pen Drive එකෙන් කොටසක් Ram  එක විදිහට Use කරන එකයි,,
 

 

භවිතා නොකරන Windows 7 Features අයින්  කරන්න

Control pannel එකෙන් Programs and Features යන්න

වම් පස අති Papne ලිස්ට් එකෙන් Turn Windows features on or off

යන්න Click කරන්න

දන් ඔබ භවිතා නොකරන සියලුම Features ටික Uncheck කරන්න
පසුව PC එක Restart කරන්න

 

 

Side Bar (Gadgets) එක  Disable කරන්න

Side Bar එකේ Right Click  කරල Properties යන්න
Start sidebar when Windows Starts කියන Check Box එක Uncheck කරන්න
 

 

 

Thumbnail Preview Feature එක Disable කරලFile Browsing එක Speed කරගන්න

Computer Double Click  කරල Organize මෙනු එකෙන් Folder and Search options යන්න
Files and Folders’ section එකේ View Tab යන්න

එතන තියෙන "Always show icons, never thumbnails" Check Box එක Tick  කරන්න 

OK  කරන්න

 

 

Power Plan  එක Change කරන්න

Control panel එකේ Power Options යන්න

Show Additional Plans කියන Down arrow එකට Click කරන්න

ඔබට පෙනේවි High Performance Power plan එක
මේක Activate කරන්න

 

 

Aero Peek and Aero Snap features ටික Disable  කරන්න 

Control Panel  එකේ "Ease of Access Center" Icon එක Double Click කරන්න

පහල තියෙන Make it easier to focus on tasks එකට Click  කරන්න

Prevent windows from being automatically arranged when moved to the edge of the screen කියන Check Box එක Uncheck  කරන්න

ඊට පස්සෙ එතනින් අයින් වෙලා
Task Bar එකේ Properties යන්න

"Use Aero Peek to preview the desktop " කියන Option එක Untick කරන්න



දැනට මේ ටික කරල බලන්න ඔයලා..තව ටිකක් මම වෙනම පොස්ට් එකකින් දානනම්,,,හැබැයි මතක තියාඅ ගන්න මේ ටික මම දැම්මෙ PC එකේ Performance   හිතන අයට විතරයි,,මොකද ලස්සනයි Performance එකයි දෙකම එක පාර තියාගන්න අමාරුයි..


Read more ►

Wednesday, August 8, 2012

වීඩියො Buffer වෙන එක Speed කරගන්න

1 comments

ඔයාලත් Internet එකෙන් Video එකක් බලන කොට මේ වදේට මුහුන දෙනවද..? අපේ රටේ නම් ඉතින් ඒක අහන්නත් දෙයක්ද නේද,, You Tube  එකෙ මොකක් හරි එකක් බලන්න ගියහම වඩිපුර බලන්න තියෙන්නෙ කරකෙන Buffering Indicator එකනේ,,,

ඉතින් අපි බලන්න යන Video එකෙ තියෙන ආකර්ෂනය පවා මේක නිසා නතිවෙලා යනව..අපේ ගොඩක් අය මේකට  තාවකාලික විසදුමක් විදිහට  කරන්නෙ Video එක Pause කරල තියල සම්පුර්නයෙන්ම Load  උනට පස්සෙ Play කරල බලන එකනෙ,, ඒකෙන් අපෙ කාලය පුදුම විදිහට අපතේ යනව,,

විශේෂයෙන් අපේ Dongles  Use කරන අය සහ Dialup Connections Use  කරන  අයට ඉතින් මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ..

මේ කරදරෙන් ටිකක් හරි මිදෙන්න පුලුවන් ක්‍රමයක් තමඉ මේ කියල දෙන්න යන්නෙ,,,මේක ගොඩක් අය Use කරන ක්‍රමයක්,,නමුත් දන්නෙ නැති  අය්ට තමයි මේ උදවුව ..

අපිට පුලුවන් සමහර Softwares use කරල මේ Buffer වෙන එක ටිකක් Speed කරන්න

අද මම ඔයලට දෙන්න යන්නෙ එහෙම Software එකක් තම්යි,,මෙකෙ නම තමයි Speed Bit Video Accelerator

Speed Bit Video Accelerator 
එක Use කරන කොට Buffering speed එක 5 ගුනයකින් විතර වඩි වෙනව කියල තමයි මෙක හදල තියෙන අයනම් කියන්නෙ,,

අපිට Versions දෙකකින් මේක් ගන්න පුලුවන්,, එකක් Free Version  එක අනික තමඉ ඔබට මිලදී ගන්න පුලුවන් Version එක,, මගෙ අදහස නම් සාමන්ය කෙනෙකුට Free Version  එක හොදටම ඇති ..මොකද v ගන්න එකෙන් ඔයලට ඔනේනම් Full HD  විදිහට බලන්නත් පුලුවන්..

පහත සදහන් ඕනම OS එකක් එක්ක මේක හොදට හොදට වැඩ කරනව

Windows 7 / Vista (all) / XP / 2003 / Windows 2000

ඵහත ස්දන ඕනම Browser  එකක් එක්කටත් මේක් Support කරනව,,

Google Chrome, Internet Explorer 9 / 8 / 7 / 6, FireFox 3 / 2, Safari, Opera, Netscape, Maxthon, AOL, Flock
එහෙමනම් මෙන්න මෙතනින් Download කරගෙන ඔයලගෙ කරදරෙ අඩු කරගන්න..


Read more ►

Tuesday, July 31, 2012

Internet speed එක අඩු අයට

0 comments



Internet speed එක අඩු එක හමෝටම තියෙන ප්‍රශ්නයක්නේ...මම අද  ඔයලට දෙන්න යන්නෙ පොඩි Script එකක්,,මේකෙන් ඔයගෙ Computer එකෙ Registry එකී TCP/IP Settings පොඩ්ඩක් විතර වෙනස් කරනව,,,ඒ නිසා ඔයගෙ Copmuter එක LAN එකක එහෙමත් නෑත්නම් Network එකකට Connect කරල තියෙනවනම් මේක කරන්න යන්න එපා..ගෙදර තියෙන Personal Computer එකට හරි  ඔයාගෙ Lap Top එකට හරි මේක Add කලට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නහෑ..

එහෙමනම් මෙන්න  Script එක


[HKEY_LOCAL_ MACHINE\SYSTEM\ CurrentControlSe t\Servic es\Tcpip\Parameters ]
"SackOpts"=dword:00000001
"TcpWindowSize"=dword:0005ae4c
"Tcp1323Opts"=dword:00000003
"DefaultTTL"=dword:00000040
"EnablePMTUBHDetect"=dword:00000000
"EnablePMTUDiscovery"=dword:00000001
"GlobalMaxTcpWindowS ize"=dword:0005ae4c

මේක Copy කරල Note pad එක Open කරල එකට Paste කරන්න

ඊට පස්සෙ කෑමති Name එකකින් Registry File  එකක් විඩිහට Save  කරන්න ( කෑමතිනමක් දීලා Name එක අගට .reg කියල දෙන්න Save කරන කොට )

උදහරනයක් විදිහට


speed.reg  විදිහට නම දීලා  Save කරන්න

දන් ඔය  ෆිලෙ එක Double Click  කරල Computer එක Restart කරල බලන්න






Read more ►

Sunday, July 29, 2012

Laptop එකෙන් Wi Fi Hotspot එකක්

0 comments


ඔයාට Lap Top  එකක් තියෙනවද...එහෙනම් මෙන්න කරල බලන්න වෑඩක්..අපිට ඉන්ටෙර්නෙට් Connection  එකක් Share  කරගන්න ඕන උනහම ගොඩක් වෙලාවට කරන්නෙ ‍Router  එකක් අරගෙන වෑඩෙ කරන එක..එහෙම කරන්න ගියහම අපිට යම් ආකාරයක මුදලක් ඒ සදහ වෑය වෙනව...අ

ද අපි ඉගෙන ගන්න යන්නෙ බොහොම වටින කියනා විදිහකට ඕනම කෙනෙකුට තමන්ගෙ Windows 7 Lap Top  එකෙන්ම Wi Fi Hotspot එකක් හදගෙන Internet Share කරගන්නෙ කොහොමද කියලයි මෙකෙ තියෙන වදගත් කම තමයි කිසිම අකරයක Router  එකක් ඔබට මිලදී ගන්න ඕනෙ නෑති වීම...කෙලින්ම තමන්ගෙ Windows 7 Lap Top එකෙන්ම තමන්ට තියෙන ඕනම ආකරයක Internet  Connection එකක් Share කරගන්න පුලුවන් ඔබ සතු ඕනම අකරයක i Phone,i Pod,Lap Top,Mobiles වල්ට ඔයගෙ Lap Top එකෙන් හදන Wi Fi Hotspot එකෙන් Connection  එක දෙන්න පුලුවන්,,

එහෙමනම් අපි බලමු කොහොමද ඔයගෙ  Lap Top එක Wi Fi Hotspot එකක් කරන්නෙ කියල

මේ  වෑඩෙට අපි Use  කරනව Software එකක් ඒක ඔයට මෙතනින් Download කරගන්න පුලුවන්

මෙතනින් Download කරගන්

මෙක Download කරල Install  කරගත්තට පස්සෙ පහත පිලිවෙලට ඉතුරු වෑඩ ටික කරන්න



System Tray එකේ තියෙන “ connectify “   කියන Icon එකට Click කරන්න

Settings  Section එකට ගිහින් Wi Fi Network  එකේ Name එකයි Password එකයි දෙන්න


ඊට පහලින් තියෙන තෑනින් ඔයගෙ Network Type එක දෙන්න


අවසානයෙදී "Start Hotspot" කියන Button එක Press කරන්න


එහෙමනම් දන් ඔබෙ Connection  එක Ready,,,

කරන්න තියෙන්නෙ ඔබෙ Mobile එකෙන් හෝ වෙනත් Wi Fi Enable Device එකකින් ඔබෙ අලුත් Hotspot  එකෙ Connection Name එක Search  කරල Connect වෙන්න තමයි,,ඉල්ලන කොට Password එක දෙන්න ,,,

හරිම ලේසියි පහසුයි...

කියන්නකො අපිට මොක්ද උනෙ කියල..

එහෙමනම් ඔබට ජය .... !


Read more ►

Wireless Connection එක කවුද Use කරන්නෙ කියල බලාගන්න

1 comments




කමතිද බලගන්න කවුද ඔයගෙ Wireless Connection  එක Use කරන්නෙ කියල...බොහො විට අපි හිත්නව Wireless Connection එකට හොද Password එකක් දම්මම එක හොදටම ප්‍රමානවත් කියල,,නමුත් අද තියෙන සමහර තාක්ෂනික උපක්‍රමත් එක්ක Wireless Connection එකක් Hack කරන එක කරන්න කෙනෙකුට බෑරි  කමක් නෑහෑ..එක නිසා ගොඩක් හොදයි අපි සෙවිල්ලෙන් ඉන්න එක,, මෙක බොහෝ විට ගොඩක් දෙනෙක්ට වෑදගත් වේවි.. මොකද පිටස්තර අය ඔයගෙ Network  එක Use  කරනවනම් ඒක ඔයාගෙ Network එකෙ Performance වල්ට අනිවර්යෙන් බලපාන නිසා.




අද මම ඔබට හදුන්වා දෙන Software එකෙන් ඔබට ගොඩක් දෙවල් කරගන්න පුලුවන්..උදාහරන විදිහට


Network  එක Scan කරල Use කරන්නෙ කවුද කියල ඔබට බලගන්න පුලුවන්

ඒ වගෙම ඔයට එන Result එක  විවිධ Formats වල්ට Export කරල (.xml, .txt..Etc... ) Save  කරගන්නත් පුලුවන්...

අනික තමයි මේක Windows 7 ,Vista අතුලු බොහොමයක් Operating Systems වල 64 සහ 32 යන ඔනම වර්ගයක Run කරන්නත් පුලුවන්





 මෙන්න මෙතනින් මේක Download  කරගන්න

250 KB වගෙ File එකක්,, ඒ තරම් විශාල File එකක් නෙවෙයි 

දන් ඒක Extract කරල Install කරගන්න
 

Software එක Run කලහම ඔයට පෙනෙවි Network එක Scann කරගන්නෙ කොහොමද කියල
 

එන Result එක Select කරල “Save selected Items” button.එක Click  කලහම  Result එක Save  කරගන්න පුලුවන් 

රෙසුල්ට් එකෙන් ඔබට IP Address, MAC Address , device’s Name සහ Manufacturer. වගෙ දේවල්  ලෙසියෙන්ම අදුනා ගන්න පුලුවන් 


ලෑබෙන Result එක පොඩ්ඩක් Study කලහම ඔයට පුලුවන් Network එකට Unauthorized Access එකක් තියෙනවද  කියල අදුනගන්න
Read more ►

Pen Drive එකේ Copy වෙන වේගෙ වෑඩි කරගන්න

6 comments
අපි දන්නව බොහො විට Pen එකකින් PC එකට හො PC එකෙන් Pen එකකට File එකක් Copy කරන කොට එකෙ Speed එක සපෙක්ශව අඩුයි,,,මේක සමහරුන්ට හරි කරදරයක්..මොකද PC එකෙම File එකක් වෙන තනකට Copy කරන කොට යන Time  එකට වඩා වෑඩ් Time එකක්  Pen එකට Copy කරන කොට  වෑය වෙනව,,,

එහෙමනම් මෙ ක්‍රමේ අද කරල බලන්න මොකද වෙන්නෙ කියලා


  • මුලින්ම Pen එක PC එකට Plug කරන්න
  • My Computer Open කරල Pen එකෙ Right Click ක් කරල Properties යන්න
  • Hardware Tab එකට Click  කරන්න
  • එකෙ තියෙන ලිස්ට් එකෙන් ඔයගෙ Pen එක Select කරල Properties තොරන්න
  • දන් Policies Tab එකට යන්න
  • ඔයට පෙනෙවි Selections  දෙකක් තිබෙන බව
  • Default Selection  එක වෙන්නෙ ” Optimize for quick removal”
  • ඔයට කරන්න තියෙන්නෙ  “Optimize for Performance”   කියන Option එක Select  කරල OK කරන්න අයෙත් OK කරල
  • Pen එක ගලවල නවත සවි කරන්න
  • දන් බලන්න කොහොමද Files Copy වෙන Speed එක කියල

තවත් මෙ වගෙ දෙකින් හමු වෙමු,,,
Read more ►

ඔනෑම දෙයක් Download කරගන්න

2 comments


මෙක මගෙ ගොඩක් යලුව්න්ගෙ ඉල්ලීමක්..හමොටම තියෙන අසාවක් තමයි තමන්ටම කියල මොනව හරි Download  කරගන්න එක,,,මෙක කරන කොට අපිට තව ප්‍රශ්නයක් එන්ව.,එ තම්යි ගොඩක් Download Sites වල අපි Account එකක් හදුවොත් තමයි Download කරන්න පුලුවන් වෙන්නෙ,,ඉතින් මෙ කරදරෙන් මිදිල තමන්ගෙ පඩුවෙ මොන්ව හරි Download කරගන්න පුලුවන් විදිහක් තමයි අද මම කියල දෙන්න යන්නෙ,,, මම ඔයාලට අද දෙන්නෙ ගොඩක් දුර්ලබ premium User Names and Passwords ටිකක්..පහත සන්දහන් වෙන Sites වලට ගිහින් මෙ Premium Accounts වලින් ඔයලට ඔන දෙයක්  Download කරගන්න නිදහස මම ඔයලට දෙන්න යන්නෙ,,,එහෙමනම් වෑඩෙට  බහිමු නෙද ..


Films පහසුවෙන් Download  කරන්න 

www.divxcrawler.com
Username : divx273
Password : 8342729

Movies,Music, Pc Games, Tv shows Download  කරන්න 
www.butterflydownloadnetwork.com
Username : cinemanetwork20
Password : butterfly20

Movies,Music, Pc Games, Tv shows Download  කරන්න 
www.downloadprofessional.com
Username : lo886Ees
Password : zAgt88er

Movies,Music, Pc Games, Tv shows Download  කරන්න 
www.unlimitedgamedownloads.com
Username : ga20me
Password : ke01feb

ගොඩක් දෙවල්  Download කරන්න 
www.gamedownloadnow.com
Username : ga20me
Password : ke01feb

ගොඩක් දෙවල්  Download කරන්න 
www.unlimiteddownloadcenter.com
Username : cu20me
Password : ke01feb

Online Tv බලගන්න ඔන අයට 
 www.tvadvanced.com 
Username : mv03dl
Password : frmvdl 


එහෙමනම් මේ දෙවල් හොද දෙකට විතරක් භවිතා කරයි කියල මම බලාපොරොත්තු වෙනව,,,

ආයෙත් මේ වගෙ දෙයකින් හමුවෙමු,,,
Read more ►

Saturday, July 28, 2012

Recycle Bin එක Rename කරන්න

1 comments



මේක අපි කියල දෙන්නේ නිතරම තමන්ගේ අවට වෙනස් කරගන්න කැමැත්තෙන් ඉන්න අයවලුන්ට..මොකද හැමදාම දකින දේට වැඩ ටිකක් වෙනස් දෙයක් දැක්කම යාලුවෙක් උනත් පුදුම වෙනවනේ නේද,,,එහෙනම් අපි බලමු Recycle Bin එක Rename  කරන්නේ කොහොමද කියල..

කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩ ටිකක් එහෙනම් කරලම බලමු...

මේ වැඩේ කරන්න අපිට Registry  එක Edit කරන්න වෙනවා,,එක නිසා අනිවාර්යෙන්ම වැඩේ පටන් ගන්න කලින්
Registry  එකේ Backup එකක් අරන් තියාගන්න එක නුවනට හුරුඉ,,,

Windows Registry Editor  එක ඔපෙන් කරගන්න මුලින්ම Start --> Run ගිහින් regedit කියල Type කරලා Enter කරන්න..දැන් ඔබට ලැබෙන වින්ඩොව් එකෙන් තමි අපි
Registry එක Edit කරන්නේ,,

දැන් පහත සඳහන් කරලා තියෙන පිළිවෙලට අදාල ස්ථානයට යන්න..මේකට කරන්න තියෙන්නේ වම පැත්තේ තියෙන "+" ලකුණු වල ච්ලිච්ක් කරන එක එතකොට ඒවා ඇතුලේ තියෙන Sub sections බලාගන්න පුළුවන්

“HKEY_CLASSES_ROOT/CLSID/{645FF040-5081-101B-9F08-00AA002F954E}”

දැන් Recycle Bin කියන තැන තමන් කැමති නමක් Type  කරන්න

එහෙම නම දැන් ඩෙස්ක්ටොප් එක පොඩ්ඩක් Refresh කරලා බැලුවනම් හරි  

තවත් පොඩි පොඩි දේවල් වලින් හමුවෙමු,,,,
 
Read more ►

Friday, July 27, 2012

Windows XP ඔරිජිනල් ද කියල බලාගන්න

1 comments

ඔබ පරිගණකයක් මිල දී ගන්න විට ඔබේ පරිගණක සපයන්නා ගෙන් ඔබ ඉල්ලා සිටියේ Original Windows XP Install  කර දෙන ලෙසද..අද බොහෝ අවස්ථා වලදී පාරිභෝගිකයන් රැවටීමට ලක් වෙන අවස්ථාවක් තමි Original Windows XP යි කියා Pirate  Copies මගින් Windows XP Instal කොට විකිණීම
නමුත් ඔබ ඔඋන්ට ගෙවීමේදී Original Windows සඳහා වන මුදලද ඔව්න් විසින් අය කරනු ලැබේ

අද අපි ඔබට ලග දෙන ඉඟියෙන් ඔබට පුළුවන්
Original යි ඔබට පවසා Install  කොට දුන් ඔබේ Windows XP  operating system එක සැබවින්ම Original Windows ද කියා හඳුනා ගැනීමට

කරන්න තියෙන්නේ ඉතාම පහසු දෙයක්

  Start --> Run ගොස්
පහත පරිදි ට්ය්පේ කර එන්ටෙර් කරන්න
oobe/msoobe /a
 
ඔබගේ වින්ඩොව්ස් පිටපත ඔරිගීනල් නම් " Windows Already Activated " නමින් ඔබට Massage එකක් ලැබේවි
 
නැතිනම් එයට License Code  එක ඇතුල් කරන ලෙස ඔබන් ඉල්ලවී

තවත් අලුත් දෙකින් අයෙත් හමු වෙමු 
Read more ►

Sunday, July 22, 2012

A lot of Free In Internet

0 comments

Hi dear friends today I have decided to give you some useful links that you can use to have fun with free stuffs on internet..this is an amaizing collection of things that you have to use in your day today life..The most important thing is these websites and blogs will help you to improve your performance in IT field and improve your computer performance in PC Field :D

Ok lets get start it..

Use these and have fun..this list will be updated every month...so keep in touch for new things 

Thanks dears 

Free Network Tools 

Read more ►

Tuesday, June 12, 2012

E mail Configurations on Apple i pad

0 comments


 Hi dear friends this time I changed my topic in to Apple as most of the users changing in to mobile computing area.So Apple i pad is a populer tablet computer ever found by the industry.Apple i OS is very user friendly.That is the OS running on i pad.But some users getting difficulties when configuring some features.This tips will help you to do some advanced configurations on the i pad Mail configurations.


Setting up a Microsoft Exchange email Account


Go to Settings --> Mail, Contacts, Calendars. Tap Add Account, then tap Microsoft Exchange.
you can contact your service provider or your system administrators to have the settings you need use on this spot.

How to change a Mail Account Settings

 Go to Settings --> Mail, Contacts, Calendars, choose an account, after you select your account you can change all the necessary changes in that account.it will list out all the settings and you can tap over it to change them.

How to stop using a Mail Account

Go to Settings --> Mail, Contacts, Calendars, choose an account, then turn off an account service ,in this case you can turn off Mail, Calendars, or Notes. turn off the Mail to prevent using that mail account.
If an account service is off you wont get any mails from the email server and also you cant send mails from your turned off mail account.But keep on your mind that you can turn them on whenever you need to use them again.


How to set the time to remove a message to keep till it remove permanently

Go to Settings --> Mail, Contacts, Calendars, choose an account, then tap Advanced. Tap Remove, then choose a time: Never, or after one day, one week, or one month as you wish.

How to change email server settings in an email account

Go to Settings --> Mail, Contacts, Calendars, then choose an account. contact your system administrators for the email server settings that you need to fill or change in this position.
 

How to change the SSL and Pass word settings

Go to Settings --> Mail, Contacts, Calendars, choose an account, then tap Advanced. contact your system administrators for the email server settings that you need to fill or change in this position.

How to Delete an email Account

Go to Settings --> Mail, Contacts, Calendars, choose the account that you want to delete, then scroll down and tap Delete Account option
keep in your mind this action will remove all the contacts, calendar, and bookmark information synced with the account.

How to send signed and encrypted messages

Go to Settings --> Mail, Contacts, Calendars, choose an account, then tap Advanced. Turn on S/MIME, then select certificates for signing and encrypting outgoing messages.
To install certificates, obtain a configuration profile from your system administrator,


Help your friends and have Fun....



Read more ►

Monday, June 11, 2012

How to find all the Drivers (Driver Pack) for Windows 7

1 comments


Hi friends ..

This will be a useful link for you,,also this is a request came to me by Rogess Kalamen from Bangladesh to let him know about a good driver pack to use in windows 7 computers..there are lots of driver packs on the internet to download.Its better to have a sure place to download these driver packages.here I have mentioned few places that you can use to download directly to your computer.You should have to install a torrent software before you start download these driver packs..Use following links to download one of the torrent software to  your computer,..


Now use following links to access to the download pages of the Driver Packs.Please ensure that some of the driver packs have to burn in to a CD or to a DVD to use them as in a auto run environment.but some of them you can use directly giving the path to the driver pack folder through the Device Manager's update driver section.


Drivers pack for Windows 7 and Windows Vista x86-x64

Microsoft Windows 7 x32-x64 Driver Pack

Black-Bit-Mart Windows 7 Drivers Package

Hewlett Packard - Windows 7 Drivers (x64)

Driver Pack Solution 12.3 Final upto 17.03.2012 Windows7. XP.Vista(x32-x64)All PC

Cobra Driver Pack (2010) para XP.VISTA.WIN7 FULL

Driver Pack AutoRun v3 For Win XP+Win VISTA +Win7 

Be sure to ready and installed the torrent software before you click on these links because these links will redirect you to the magnetic link.

Ok guys..enjoy it....

have fun...

Read more ►
 

Copyright © Network and Systems සිංහලෙන් Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger