Thursday, September 6, 2012

IT වෘත්තිකයෙකු ලෙස ඔබ සතු විය යුතු නවතම කුසලතා



මෙක ටිකක් විතර වෙනස් කාරනාවක්..අද අපි දන්න හැමෝම IT Field එකේ ජොබ් එකක් කරන්න අසාවක් තියෙන අයට කියන්නෙ ඒ සදහා ගැලපෙන Certification  එකක් හරි උසස් හැදැරිමක් කරන්න කියලයි..මේක ඇත්ත වශයෙන්ම විය යුතු අනිවාර්ය දෙයක්..ඒ වගේම වර්තමානයේ ලෝකය වෙනස් වන ආකාරය සමග ඔබද එයට ගැලපෙන කුසලතා අත්කරගෙන සිටිය යුතු වීම තුල හොද ඉදිරි ගමනක් නිර්මානය කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා..

ඉතින් මෙහෙම හැම දෙයක්ම කරගෙන යන අතරතුර ඔබ විසින් දැනගත යුතු වර්තමාන ලොකයේ IT වෘත්තිකයකුගෙන් බලාපොරොත්තු වන විශේෂ කුසලතා කිහිපයක් ගැන තමයි අද මම කියන්න යන්නේ,,,මේක අතිශය වටින කාරනයක් වෙන්නේ මේ සම්බන්දව කිසිම තැනක කිසිදු ස්දහනක් කරන්න තරම් කිසිවෙක් දැනුවත් නොවී සිටීමයි..මොකද මේ දෙවල් ගොඩක් අය දැනගන්නේ ජොබ් එකකට ගියාට පස්සෙ නිසා,,,හැබැයි එතකොට ඉගෙන ගන්න ටිකක් විතර කට්ටක් කන්න වෙනවා,,එහෙමනම් යාලුවනේ ඔන්න කට්ටක් නොකාම ජොබ් එකට යන්න කලින්ම මෙව ගැන දැනගන්න ඔයලට මේ අවස්තාව

Programming and Application Development

මේ කාරනෙදි එයාල බලාපොරොත්තු වෙන්නේ ලොකුම ලොකු Knowledge එකක් නෙවෙයි නමුත් පොඩි පොඩි Applications develop  කරන්න සහ Software Developing වල භාවිතා කරන විවිද ක්‍රම වේද,,ඒවායේ විවිද අවස්තාවන්,,පියවරයන්,,වගේ දෙවල් පිලිබද දැනුමක් තියෙන එක ගොඩක් ප්‍රයොජනවත්.

මේ කාරනේටම Web Development and Designing ගැන තියෙන දැනුමත් වැදගත් වෙනවා..මේ හැමදෙම ඔයාට කරන්න වෙනව කියන එක නෙවෙයි මෙයින් අදහස් කරන්නේ,,මේ පිලිබද දැනුම ඔබට එදිනෙදා හමුවන ගැටලු නිරාකරනයට ඉතාම වැදගත් වෙනව,,,ඒක නිසා තමයි බොහෝ ආයතන මෙහෙම දෙවල් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ,,

Project Management

 මෙක ටිකක් විතර ඉගෙන ගෙන කරන්න ඕන කාරනයක් .අද වෙනකොට ලෝකේ මෙ පිල්බද ඉතා හොද සන්කල්ප ගොඩනැගිල තියනවා..ගොඩක් අය Project Management කිවුවම හිතන්නෙ මොකක් හරි Project එකක් කරන්න start කරලා ඒක Monitor කරන එක කියලා,,නමුත් එක නිවරදි නැහැ,,මොකද මේ කාරනේදි ඔබෙන් එතනින් එහාට ගිය කාරනාවන් බලාපොරොතු වෙන නිසා..

නව තාක්ෂනික ක්‍රම වේදයන් හදුනා ගැනීම,,තම ආයතනයේ තත්වය සහ පැවැත්ම ඉහල නැන්වීමට ඒවා යොදා ගැනීමේ හැකියාව පිලිබද ගවෙශනය කිරීඑමේ හැකියාව,,Users ලාගෙ එදිනෙදා ගැටලු පිලිබද අවබෝදය,,,ඒවා හදුනාගැනීමේ ක්‍රම යොදාගැනීම,,,හදුනා ගත් තාක්ෂනික ක්‍රමවේදයක්  හෝ උවමනාවක් නිසි ලෙස කාල නිර්නය කිරීම,,උවමනා සම්පත් සම්පාදනය කර ගැනීම,,ඒවා නියමිත පරිදි යෙදවීම තුල අවසන් අබිප්‍රාය කරා නියමිත ප්‍රතිඵ්ල සහිතව නියමිත කාල සීමා තුල ලගා වීමේ හැකියාව වගේ ගොඩක් කාරනා මේ සම්බන්දව වැදගත් වෙනවා..

Help Desk/Technical Support

මේ ගැන නම් ඉතින් හැමෝම දැනුවත්..නමුත් ඔබ දැනුවත් විය යුතු කරුනු කිහිපයකුත් තියෙනවා..ඒ තමයි Mobile Operating Systems කියන කාරනාව,,,අද වෙනකොට OS වලට Hardware වලට සහ Software  වලට support එක දෙන්න තමයි අපේ ගොඩක් අය දන්නෙ,,නමුත් මතක තියාගන්න දැන් ලෝකෙ එතනින් එහාට යන්න පටන් අරන් තියෙන්නේ,,මම මේ කතා කරන්නේ Mobile Operating Systems ගැනයි...ඔබ දන්නවා අද වෙන කොට Tablet PC,,Smart Phones කියන දෙවල් ඉතා ඉක්මනින් අපේ කටයුතු සිදුකරගැනීමට උදවෙ වෙන බව,,ඉතින් ඒක නිසාම මෙවගේ Devices වල OS ගැන වගේම Apps ගැනත් අපේ දැනුම ඉහල මට්ටමකින් බලපොරොත්තු වෙනව ගොඩක් ආයතන,,

Networking

මේ කාරනයත් ඉතා වැදගත් වෙනවා ඔබ Software Developing සම්බන්දව ඉගෙන ගන්න කෙනෙක්නම් මේ කාරනා සම්බන්දවත් ටිකක් විතර දැනගෙන ඉන්න එක ඉතා වැදගත්,,එහෙම වෙන්න ඉතා තදින් බලපාල තියෙන හේතුව තම්යි Virtualization and Cloud Computing   කියන එක,,,අද සහ හෙට ඔබට වැඩ කරන්න වෙන්නේ මේ තාක්ෂනික පසුබිමක නිසා Networking පිලිබ්ද දැනුවත් ව ඉන්න එක එදාට වඩා තදින් බලපානවා ඔයාගෙ සාර්තකත්ත්වයට,,

Business Intelligence

ටිකක් විතර පුදුමයි නේද..?? පුදුම වෙන්න දෙයක් නැහැ..IT Professional කෙනෙක් විදිහට ඔබ ආයතනයක වැඩ කරන කොට අනිවාර්යෙන්ම ඔබ කරන සමහර දෙවල් වලදී එම කාරනාවන් ආයතනයට අර්ථික වශයෙන් පාඩුවක් නොවන ආකරයට සහ උවමනා නැති විදම් අඩු වන පරිදි සැලසුම් කිරීමට මේ දැනුම ඔබට වැදගත් වෙනවා..විශෙෂයෙන්ම ඔබ නව තාක්ෂනික ක්‍රම වේදයන් යොදවන අවස්තාවල මේ කාරනය ඉතා වැදගත් වෙනව,,ඒ වගේම අදාල පිටස්තර ආයතන සමග ඉතා හොද අකාරයේ සම්බන්දතාවන් පවත්වගෙන යාමටත් මේ දැනුම ඔබට ඉතාමත් වැදගත් වෙනව,, 

Security

අද ලෝකය තාක්ෂනික අතින් විවිදාකාර තල වලට පිවිසෙනවත් සමගම ඒවායේ ආරක්ශාව පිලිබ්දවත් දෙපාරක් හිතන්න වෙල තියෙනවා..මොකද අද තියෙන තාක්ෂනික ක්‍රමත් එක්ක තම තමන්ගෙ ආයතන වල රහස් පිටත ලොකයට විවර වීමේ අවධානමට සැම ආයතනයක්ම මුහුන දීල තියෙන්නෙ,,ඔබව තෝරාගැනීමේදී මේ පිලිබ්ද දැනුම සලකා බලන්නේ අන්න ඒ නිසයි,,විවිද සෙඋරිට්ය් උපක්‍රම භාවිතාව පිලිබද දැනුමක් තිබීම ඉතාම වැදගත්,,,


ඉතින් ඔබට මින් මතුවට මේ සද්හන් කරපු කාරනාවන් පිලිබද දැනුමත් ටික ටික දියුනු කර ගැනීම ගැන හිතන්න පුලුවන්,,ඒ සදහා කරන්න පුලුවන් දෙවල් මොනවාද..?? මේ දැනුම ලබාගත හැකි ක්‍රම මොනවාද යන්න පිලිබද සොයා බලන්න,,මේ සියල්ලෙන් සන්නද්ද ඔබට ඕනම ආයතනයක අති සාර්ථක වෘතිකයෙකු වීමෙ වරම හිමි වෙන බව ඉතා අවධාරණයෙන් යුක්තව කියන්න පුලුවන්,,

 

4 comments:

Mahesh Nayanajith said...

niyamai me tikanam aththatama wadagath thnx..keep it up...

පුබුදු said...

හොද ලිපියක් යාලුව දිගටම ලියන්න

මාධව විදුරංග said...

නියමයි නිමල්ක අයියා! හොද ලිපියක්! Business Intelligence ගැන ඔයා කියපු කතාව හරි! අපිටත් කෝස් එකේදි ඩිසයිනිං වලදි මේ ගැන කියනවා! කම්පැණි එකකදි වඩාත් ලාභදායී හා පළදායී ආකාරයට තාක්ෂණික පහසුකම් සැපයීමේ ක්‍රම පිලිබද දැනුවත් වීම වැදගත්!!

Anonymous said...

Top 10 best casino site - Lucky Club
1. Betsoft. Betsoft has a strong live dealer section in the live casino market for users to try their games. · luckyclub 2. Betsoft is a betting site with excellent live

 

Copyright © Network and Systems සිංහලෙන් Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger