Wednesday, September 19, 2012

Online File Storage එකක්



අපි කලින් ලිපියෙදි කතා කලේ Cloud Computing ගැනනේ,,ඉතින් ඔය කියන Cloud Computing System එකෙන්ම තවත් වැඩක් කරගන්න විදිය තමයි මේ කියන්න යන්නේ,,අපිට ගොඩක් වෙලාවට වෙන වැඩක් තමයි අපි Computer එකේ තියගෙන ඉන්න ගොඩාක් වටින කියන Files Computer එකේ හරි Hard Disk එකේ හරි මොකක් හරි අවුලක් උන ගමන් අතුරුදහන් වෙන එක,,මේකෙදි සමහරවිට අපිට අතිශය වැදගත් Files සම්පූර්ණයෙන්ම උනත් අහිමි වෙන්න පුලුවන්..

ඉතින් එහෙම නොවෙන්න නම් අපි කරන්නෙ අපේ වටින Files Folders Backup කරල තියාගන්න එක,Backup කරන්න අපි කරන්නේ මේව Pen Drive එකකට හරි DVD එකකට Write කරල අරන් තියාගෙන ඉන්න එක,,නමුත් මේව ගැනත් ගොඩක් ලොකු විස්වාසයක් තියාගන්න අමාරුයි,,ඉතින් එහෙම වෙලාවට අපිට පුලුවන් Online Storage එකක් Use කරන්න,,

Online Storage නොමිලෙ ලබා දෙන Web sites ගොඩක් අපිට හමුවෙනවා,,මේ සූදානම එහෙම කිහිපයක් ඔබේ භාවිතාවට හදුන්වලා දෙන්න..අපි මෙහෙම Online Storage එකක Files Folders save කලහම තියෙන තවත් වාසියක් තමයි ඔබ යන ඕනම තැනකට මේ දෙවල් නැවත අරගන්න පුලුවන් කම තියෙන එක,,මෙහෙම හිතන්න ඔයා ගෙදර වැඩ කරල Online save කරන Document එක ඔයා Office එකට ගියහමත්  Download කරගෙන වඩ කරන්න පුලුවන්,,සමහර විට ඕනම Device එකකින් උනත් මේවට Access කරන්න පුලුවන්

Microsoft Sky Drive


මේක ගොඩක් පහසු Interface එකක් තියෙන Storage system එකක්,,ඉතාම ඉහල Upload පහසුකම් වලින් සමන්විත නිසා පහසුවෙන් Files Upload කරන්න පුලුවන්..සමන්ය Internet Connection එකකින් උනත් පහසුවෙන් Upload කරන්න පුලුවන් කම තියෙනව.Sky Drive Use කරන්න නම් ඔබට Account එකක් හදන්න වෙනව,,හැබැයි ඔබට Microsoft MSN වගෙ Mail Account එකක් තිය්නවන්ම් ඒක භවිතා කරලත් මේ පහසුකම ලබා ගන්න පුලුව..7 GB දක්වා Files and Folders ඔයාට Save කරල තියාගනන පුලුවන්,,

Sky Drive යන්න පහල Image එක Click කරන්න


-----------------------------------------------------------------------------------------

Sugar Sync

මේක ගොඩක් විශ්වාසදායි ක්‍රමයක්..ඒ වගේම ආකර්ශනීය Interface එකක් වගේම පහසුකම් සපයන ක්‍රමයක්..ඔයාට මුලින්ම ලැබෙන්නේ 5.5 GB Space එකක්,,නමුත් ඔයාට පුලුවන් ඔයාගේ යහලුවන්ට Sugar Sync හදුන්වා දීම තුලින් ඔයාගේ Space එක 32 GB දක්වා ඉහල දමා ගන්න,,මේකෙ තියෙන වාසිය තමයි ඔයාගෙ Computer එකේ තියෙන ඕනම Selected Foldr එකක් ඉන්ටෙර්නෙට් Connection එක තියෙන හැම වෙලාවකම Auto Synchronize වෙන්න හදන්න පුලුවන් කම..එහෙනම් ගිහිල්ලම බලන්නකෝ පහල Image  එකට Click කරල..

 

  ---------------------------------------------------------------------------------------

 Google Drive

Google කියන්නේ මේ ලොකේ ගොඩක් ම දෙනා හදුනන Company එකක්නෙ,,ඉතින් එයාලත් ඔන්න Online Storage එකක් දීල තියෙනවා,,මේක ටිකක් විතර විශේෂ වෙන්නේ පොඩි පොඩි පහසුකම් රශියක් ඔබට සපයා දෙන නිසයි,,මේ පහසුකම් පහත විදිහට පෙලගස්වන්න පුලුවන්


Word ,Presentations,Spread Sheets මෙය තුලම නිර්මානය කිරීමේ හැකියාව
ඒවා තැන් ඛිපයක සිට එකම මොහොතේ Edit කිරීමේ හැකියාව
යමෙකුට Email එකකට Attcah කරල Document යවන්නේ නතුව නිකන්ම Link එක විතරක් යවීමේ පහසුකම
Video,Photoshop,Illustrator වැනි File Types 30 කට අදික සන්ක්යාවක් ඔබගේ Browser එක තුලම Open  කර ගැනීමේ හැකියාව
ඔබට අවශ්ය ඕනෑම ආකාරයකට File Share කීඊමෙ හකියාව..

මේ වගේ ගොඩාක් දේවල් කරන්න පහල Image එකට Click කරල Google Drive වෙත  යන්න


මේ වගේ ගොඩක් Storages අපිට හොයාගන්න පුලුවන්,,ඔයාල දන්න සහ Use කරන Storages තියෙනවානම් Comment එකකින් මේකට ADD කරල යන්න අනික් හැමෝටම දැනගන්න..

2 comments:

Shaminda said...

මට කියන්න පුලුව්න්ද ? pear to pear network eka හරහා windows xp දාන විදිහ .

Nimalka said...

Wade amaru naha. But mehema explain karanna thamai amaru. Podi configurations tikak karanna ona PC dekema. then you can do it .

 

Copyright © Network and Systems සිංහලෙන් Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger