Computer Networking ගැන කතා කරන කොට ඉහලින්ම සදහන් වෙන Certification එකක් තමයි CCNA කියන්නෙ.. Computer Network කියන ෆීල්ඩ් එක තමන්ගෙ Career එක කරගන්න කැමැත්තෙන් ඉන්න අයට හැමෝම කියනවා එහෙනම් CCNA කරන්න කියල..ඒත් ගොඩක් අයට CCNA කියන්නෙ මොකද්ද කියල idea එකක් එන්නේ Certification එකට study කරන්න පටන් ගත්තට පස්සෙ තමයි..ඉතින් ඒක පටන් ගන්න ඉස්සෙල්ලම ඒ ගැන දැනගන්න ඕන අයට තමයි මෙ පොස්ට් එක,,
CCNA කියන්නේ මේ Certification එකේ short form එක,CCNA කියන එකේ අදහස තමයි,,Cisco Certified Network Associate කියන එක,,
මේ Certification එක issue කරන්නේ ලොකෙ Networking Devices වලට ඉහලම නමක් දිනාගෙන තියෙන සහ ලෝකෙ ගොඩාක් network වල Back Bone වල තමනිගේ Devices run වෙන Cisco Systems කියන ආයතනය,CCNA Certification එක ඔබට තියෙනවා කියන එකෙනෙ තහවුරු වෙන්නේ ඔබට Medium size routed and switched network එකක් install, configure, operate, and troubleshoot සම්බන්දව ඉහල දැනුමක් තියෙනව කියන එකයි,,
මෙම Certification එක ලබා ගැනීමට ඔබ 640-802 දරණ් CISCO Exam එක පස්ස් වෙන්න ඕන,,එහෙමත් නැත්නම් ICDN 1 #640-822 සහ ICDN 2 #640-816 කියන Exam දෙක පාස් වෙන්න ඕන,,ICDN 1 පාස් උනහම ඔයාට Cisco Certified Entry Networking Technician එක එයලා grant කරනවා..Exams පාස් උන Candidates ලට CISCO එකෙන් Score Report එකක් ලබෙන්නට සලස්වනවා,,
මේ Exam එකේ පහත සදහන් දෙවල් තමයි අන්තර්ගත වෙන්නේ
- LAN and WAN design (including the OSI model)
- IP addressing
- routers and routing protocols (including OSPF, EIGRP and RIP)
- VLAN (virtual LAN) and WLAN (wireless LAN)
- network security and management (including ACLs)
CCNA Valid වෙන්නෙ අවුරුදු 3 කට පමනයි අවුරුදු තුනෙන් පස්සෙ ඔයා Recertify වෙන්න ඕන..ඒක ඕන නම් Upgrade එකක් වෙන්නත් පුලුවන්..ඒ කියන්නෙ CCNA එකෙන් ඉහලට තියෙන Exam එකක් වෙනත් පුලුවන්..
CCNA වලට ඕන තරම් Classes තියෙනවා..එයින් එකකට සහභාගී වෙලා Exam ට face කරන්න ඔයාලටත් පුලුවන්...
තවත් විස්තර ඕන අය මෙතනින් අරගන්නකෝ..






